රම්බොඩ බස් අනතුරින් මියගිය පිරිස ඉහළට

කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් නුවරඑලිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි අඩි 100ක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන් එම බස් රථයේ ගමන් ගත් 17 දෙනෙකු ගොස් ඇති බව වාර්තා වේ.

එම 17 දෙනාගේ සිරුරු මේ වන විට කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ තැම්පත් කර ඇති අතර, අනතුරින් මිය ගිය තවත් කිහිප දෙනෙකුගේ සිරුරු බස් රථයට යට වී ඇති බවත්,එම සිරුරු ගොඩ ගැනීමට පොලිසිය සහ ප්‍රදේශවාසීන් දැඩි උත්සහයක් නිරත වෙමින් පවති.

මිය ගිය අය අතර කාන්තාවන් 5 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 12 දෙනෙකුත් සිටින බවත්, බස් රථයේ රියදුරාද අනතුරින් මියගොස් ඇති බව පොලිසිය පවසයි.

බස් රථය (11) දින අළුයම 4:30ට පමණ මෙම අනතුර සිදු වී ඇති අතර, ධාවනය වෙමින් තිබූ බස් රථය තුළ මගීන් 75 දෙනෙකු පමණ ගමන් කර ඇති බවත්, අනතුරින් තුවාල ලැබූ තුවාලකරුවන් කොත්මලේ ප්‍රාදේශීය රෝහල, නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල, ගම්පොළ සහ නාවලපිටිය මූලික රෝහල් වෙත මාරු කර යවා ඇති බවත්, ඉන් තුවාලකරුවන් කිහිප දෙනෙකුගේ තත්වය බරපතල බවයි පොලිසිය පවසා ඇත.

ධාවනය වෙමින් තිබූ බස් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් අනතුරට හේතු වී ඇති බවට අනතුර පිළිබද පරික්ෂණ පවත්වන කොත්මලේ පොලිසිය සැකකරයි.

Share post:

Popular

වෙනත් පුවත්

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...