ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති සත්‍යග්‍රහයක

ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව ඉක්මනින් විසඳන ලෙස බලකරමින් ගුරු සහ වෙනත් වෘත්තීය සමිති එකතුවෙන් අද කොළඹ නිදහස් චතුරශ්‍රය ඉදිරිපිටදී සත්‍යග්‍රහයක් පවත්වා තිබේ.

මෙම සත්‍යග්‍රහය රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එක් කරගනිමින් එක්දින සත්‍යග්‍රහයක් ලෙස සිදු කරනු ලැබිණි.

මෙම සත්‍යග්‍රහය වෘත්තීය සමිති නායකයින්ගේ සහභාගිත්වයෙන් පමණක් සිදුකෙරුණු අතර ගැටලු විසදීම ප්‍රමාද කළහොත් සියලු වෘත්තීය සමිති එක් කරගනිමින් දැඩි වෘත්තය සමිති ක්‍රියාමාර් දියත් කරන බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් පවසා තිබේ.

වෘත්තීය සමිති 50කට වැඩි ප්‍රමාණයක නියෝජිතයින් එයට සහභාගි වී ඇත.

මේ අතර ගුරු විදුහල්පති වැටුප් විෂමතා අධ්‍යයනය කර එම ගැටලු විසඳීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට පත්කළ කැබිනට් අනුකමිටුව පවසන්නේ විදුහල්පති සේවා හා ගුරු සේවා වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් එළඹෙන සතිය තුළදී අදාළ වෘත්තීය සමිති වෙන් වෙන්ව මුණගැසී සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බවයි.

අද (12) පෙරවරුවේ අමාත්‍ය විමල් වීරවංශගේ කොළඹ පිහිටි නිල නිවසේදී රැස්වී මේ පිළිබඳ සාකච්ඡා කළ බව කැබිනට් අනු කමිටුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අමාත්‍ය විමල් වීරවංශ, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම , අමාත්‍ය මහින්ද අමරවීර සහ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙම කැබිනට් අනුකමිටුවේ සාමාජිකයින් වේ.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...