අද පැවැති කැබිනට් තීන්දු තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශකවරයා කියා සිටියේ එළැඹෙන 2025 ජනවාරි 10 වන තුරු රටින් සහල් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දුවක් ලබා දුන් බවයි.
කවුද මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ තමයි මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ.
වර්තමාන රජය පිටරටින් සහල් ගෙන්වීමට තීරණය කළ 2024 දෙසැම්බර් 9 දා සිට වැඩිම ප්‍රමාණයක් සහල් ගෙන්වා තිබෙන්නේ පෞද්ගලික ව්‍යාපාරිකයන් විසින් . අද කැබිනට් තීන්දු මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශකවරයා කියා සිටියේ ටෙන්ඩර් ක්‍රියාවලියේ සිදුවූ ප්‍රමාද දෝෂයන් නිසා තවමත් රජයට සහල් ගෙන්වීමට අවස්ථාවක් නොලැබුණු බවයි .ඉදිරියේදී ඒ අඩුපාඩුව නිවැරදි කරගෙන සහල් ගෙන්වන බව ප්‍රකාශ කරනු ලැබුවා . එවන් වටපිටාවක් යටතේ තමයි තවදුරටත් පිටරටින් සහල් ගෙන්වීමේ කාලය මෙලෙස දීර්ඝ කරන්නේ .
මේ ක්‍රියාවලියේදී අපි අවධානය යොමු කරන්නේ රජය විසින් මේ සඳහා අවසර ලබාදී තිබෙන පිළිවෙත පිළිබඳවයි .ආනයන බලපත්‍ර අවශ්‍යතාවයෙන් තොරව පෞද්ගලික අංශයට ජනවාරි මාසේ 10 වැනිදා දක්වා සහල් ගෙන්වීමට නීති ලිහිල් කර තියෙනවා. රජය මේ ක්‍රියාවලියට අවතීර්ණ වෙන්නේ රට තුළ මහා පරිමාණ මෝල් හිමියන් සහල් හිඟයක් නිර්මාණය කරමින් රජය විසින් ප්‍රකාශිත පාලන මිලට වෙළඳපොළට සහල් නිකුත් නොකිරීමේ සහ සහල් හිගයක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහටයි . 2022 ගෝඨාභය රාජපක්ෂ විසින් පනවනු ලැබූ පාලන මිල රුපියල් 220.00 පැවැති අතර වර්තමාන ජනාධිපතිවරයා මහා පරිමාණ මෝල් හිමියන්ව කැඳවා මේසයට ගසා තවදුරටත් සහල් හිගයක් නිර්මාණය කරන්නේ නම් බලය පාවිච්චි කර පිළියම් යොදන බව ප්‍රකාශ කර, කාගෙත් සුභ සිද්ධිය සඳහා එතෙක් පැවති පාලන මිල වෙනස් කර රුපියල් 230 ක් දක්වා පාලන මිල ඉහල දැමීමෙන් මේ ප්රශ්නය විසඳීමට එක් පියවරක් තමන් විසින් ගත් බව ප්‍රකාශ කරනු ලැබුවාය . ඉන් අනතුරුව මහ මෝල් වලින් එළියට එන හාල් ප්‍රමාණය පාලනය කිරීම සහ සටහන් කිරීම සඳහා වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන්ව යෙදෙව්වා .
ඊට අමතරව තමයි රටේ පවතින සහල් හිඟය තුරන් කිරීමේ පිළියමක් ලෙස සහල් ගෙන්වීමට තීරණය කරන්නේ . මෙහිදී මතුවෙන බරපතළම විවේචනය වන්නේ පිටරටින් සහල් ගෙන්වීමෙන් අනතුරුව පනවා ඇති පාලන මිලටම ඒ සහලුත් අලෙවි කිරීමෙන් ගෙන්වන පුද්ගලයන් විසින් අධික ලාභයක් ලබන බවයි .
රජය මේ ක්‍රියාවලියේදී කඩිනම් වීම දුබල වී ඇති වටපිටාවක් තුළ පෞද්ගලික අංශය සහල් ගෙන්වීමේ ක්‍රියාවලියේ සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන සිටිනවා . එවන් වටපිටාවක් යටතේ පිටරටින් සහල් ආනයනය කිරීමේදී පනවා තිබෙන රුපියල් 65ක බද්ද තවදුරටත් අඩු කර ගැනීම සඳහා ඔවුන් යෝජනා කර මින් සිටිනවා . මේ සියලූ ක්‍රියාවලියන් හමුවේ පිටරටින් සහල් ගෙන්වීමේ සීමාව දීර්ඝ කිරීම හරහා තවදුරටත් සිදුවෙමින් පවතින්නේ සහල් මාපියාවේ අවශ්‍යතාව බවයි අපට පෙනී යන්නේ .
සහල් මාපියාව බිඳදැමීමටත් සහල් මාපියාව රටටත් පාරිභෝගිකයාටත් කර ඇති හානිය පිළිබඳව අවබෝධයක් ඔබට අවශ්‍යනම් අනිවාර්යයෙන්ම පහත video නරඹන්න .