Breaking News

බදු අඩුකිරීම වෙනුවට අස්වැසුම සහනාධාර වැඩිකරයි

සංශෝධනයට ලක් කරන ලද අස්වැසුම සුබසාධක ගෙවීම් යෝජනා ක්‍රමය ගැසට් කර තිබේ.

 

ඒ අනුව මින් පෙර දුප්පත් පවුල් සඳහා ගෙවනු ලැබූ දීමනාව රුපියල් 8500 සිට රුපියල් 10, 000 දක්වා ඉහළ නංවා ඇත.

 

තවද අන්ත දිළිඳු පවුල් සඳහා ගෙවනු ලැබූ රුපියල් 15,000 දීමනාව ද රුපියල් 17,500 දක්වා ඉහළ නැංවීමටද පියවර ගෙන තිබේ.

 

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ලබන සමාජ කාණ්ඩ අතරේ සංක්‍රාන්තික, අවධානමට ලක්වූ සහ අන්ත දිළිඳු තැනැත්තන් සහා පවුල් 480,000ක් සඳහා පිළිවෙලින් රුපියල් 5,000 සහ 17,00ක මාසික සුබසාධක ප්‍රතිලාභ දීමනාවක් ගෙවනු ඇති.

 

දුප්පත් පවුල් 960,000ක් සඳහා ගෙවනු ලබන ප්‍රතිලාභ දීමනාවන රුපියල් 10,000කි.

 

එමගින් සංක්‍රාන්තික සහ අවධානමට ලක්වූ පවුල් සඳහා අස්වැසුම ගෙවනු ලබන කාලය 2025.03.31 දක්වා දීර්ඝ කර තිබේ.

 

ඒ අනුව 2024 මැයි මස 17 වැනි දිනැතිව නිකුත් කරන ලද අස්වැසුම සුභසාධක ගෙවීමේ යෝජනා ක්‍රමය අවලංගු වනු ඇති.

 

කෙසේ නමුත් මේ වන විටත් ප්‍රතිලාභ සඳහා තෝරාගෙන ඇති හා විවිධ හේතු මත ගෙවීම් සිදු කිරීම ප්‍රමාදව ඇති ප්‍රතිලාභීන්ද, අභියාචනා ඉදිරිපත් කර මේ වන විටත් විභාග කෙරෙමින් පවතින අයදුම්කරුවන් සඳහාද ඔවුන්ගේ සුදුසුකම් ලැබීම් මත එම ගෙවීම් මේ මස 31 වැනිදා දක්වා ගෙවීමට පියවර ගෙන ඇති බවත් එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

ආර්ථික අර්බුදයතත් සමඟ රටේ බහුතර ජනතාව තමන්ගේ මූලික අවශ්‍යතා පවා සපුරා ගත නොහැකිව සිටියි. එම ප්‍රමාණය රටෙන් හරි අඩකටත් වඩා වැඩිය. එහිදී බොහෝ ජනතාව බලාපොරොත්තු වන්නේ බඩුමිල අඩුවෙනු දැකීමයි. නමුත් ආණ්ඩුව තීරණය කර ඇත්තේ තෝරාගත් පිරිසකට පමණක් සහනාධාරය ලබාදීමේ වැඩපිළිවෙල යි. බඩුමිල වැඩිවීමට හේතුව සියලුම භාණ්ඩ සහ සේවා මත පනවා ඇති බදු ඉහළ දැමීමයි. එය ක්‍රියාත්මක වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ අනුවයි. එසේම භාණ්ඩ මිල ඉහළ යද්දී තෝරාගත් පිරිසකට පමණක් සහනාධාර ලබාදීමටද ජායන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියකි. රනිල් – රාජපක්ෂ ආණ්ඩුව අස්වැසුම හඳුන්වා දෙනු ලබන්නේ ඒ අනුවයි. දැන් පෙනෙන්නේ වර්තමාන ආණ්ඩුව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කිසිදු කොන්දේසියක් වෙනස් නොකර ඉදිරියට රැගෙන යන බවයි.

leave a reply