නිරාගමික යනු තවත් ආගමක් නොවේ

නිරාගමික යනු තවත් ආගමක් නොවේ.
නිරාගමිකයා යනු අනෙක් ආගම් හෙලා දකින්නෙක් ද නොවේ.
නිරාගමිකයා ආගම් බිහිවීමට අදාල සමකාලීන තත්ත්වයන් ඓතිහාසිකවත්, විෂය මූලිකවත් දකී.

නිරාගමිකයාට කිසිදු ආගමක් ගැන විශේෂ සැලකිල්ලක් හෝ විශේෂ පහත් කිරීමක් නැත.
නිරාගමිකයාට ඒ ආගම් වල අනුගාමික පහත මහලයේ ජනතාව ගැන තරහක් නැත.අනුකම්පාවක් ඇත.
නිරාගමිකයාට ඒ ආගම් භාවිතා කර ප්‍රාග්ධන අරමුණු වෙනුවෙන් කරන දේශපාලනයට විරුද්ධව අරගලයක් ඇත.
නිරාගමිකයා මරණින් මතු ජීවිතයක් විශ්වාස නොකරයි.නිරාගමිකයා නිවන හෝ ස්වර්ගය මිහිපිට ජීවත්වන මිනිසුන් වෙනුවෙන් නිර්මාණය කරන්න අරගල කරයි.

නිරාගමිකයාගේ නිදහස් චින්තනය අවකාශය අනන්තය වෙත යයි.ආගමිකයා පටු චතුරස්‍රයක සිර වෙයි.
නිරාගමිකයා නවීනත්වය තාර්කිකත්වය වැළදගනී.ආගමිකයා සිය ආගමික ග්‍රන්ථය පරම සත්‍ය ලෙස සිතයි.
නිරාගමිකයා සියල්ල කර්මයට හෝ දෙවියන්ට භාර නොදෙයි.සියල්ලට ඇත්තේ දේශපාලනික උත්තර බවත් මිනිස් චින්තනය සහ ශ්‍රමය සියල්ලටම ඉහලින් පවතින බවත් දකියි.

නිරාගමිකයා මැවුම්වාදය ප්‍රතික්ෂේප කරයි.සියල්ල භෞතිකයේ ප්‍රතිථල බවත් විද්‍යාවෙන් ඔප්පු කල හැකි බවත් සිතයි.
නිරාගමිකයා වීරත්වය, හොද මිනිසුන් පිළිම වල නොව ජීවත්වන මිනිසුන් අතර නිර්මාණය කිරීමට උත්සාහ දරයි.
නිරාගමිකයාට කුල,ජාති,ලිංගිකත්ව, බෙදීම් නැත සියල්ලන්ම මනුෂ්‍යයන්ය.

 

Share post:

Popular

වෙනත් පුවත්

” ජාවා මුහුදට ඉහළින් සඳ “

" සඳ අපේ යැයි " උන්මන්තක දේශපාලකයෙක් පවසනු ලැබුවේ...

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...