මේ වසරේ පමණක් වෙඩි තැබීම්වලින් සිදුවූ ඝාතන 60ක්

වසරේ ගතවූ කාලය තුල සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් තිබෙන බවට වාර්තා වනවා.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, පුද්ගලයින් 44 දනෙකු තුවාල ලබා ඇත බවයි.

මේ වසරේ ගතවූ කාලය තුළ වාර්තාවී ඇති වෙඩි තැබීමේ සිද්ධීන් ගණන 98 ක්.

ආසන්නතම සිදුවීම වාර්තා වුණේ, ඊයේ (20) ගාල්ල දඩල්ල ප්‍රදේශයෙන් ය.

ගාල්ල දඩල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් 38 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් 34 හැවිරිදි ඔහුගේ බිරිඳ තුවාල ලැබුවා.

මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පවසා තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...