බටලන්දට රනිල්ට දඬුවම් ලබාදීම හෙවත් නොකෙරෙන වෙදකම

බටලන්ද සම්බන්ධයෙන් දඬුවම් ලබාදීමට රනිල් වික්‍රමසිංහට ජාත්‍යන්තර සහාය ලබාගත යුතු බව පැවසීම ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. ඇතැමුන් පවසන්නේ එය හරියට නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් අවශ්‍ය බව කියනවා වැනි කතාවක් බවයි.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු වගකිවයුත්තන්ට ජාත්‍යන්තර සහාය ලබාගෙන හෝ නීත්‍යානුකූලව පියවර ගන්නා බව අමාත්‍ය බිමල් රත්නායක ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පළමු දින විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මේ අතර බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් විවාදය එළඹෙන පාර්ලිමේන්තු දිනකදී දෙවන දිනටත් පැවැත්වීමට ඊයේ (10) දිනයේ සභාවේ එකඟතාව පළවිය.

පාර්ලිමේන්තුව යළි මැයි මස 8 වනදා රැස්වීමට නියමිතය.

ජේ.ආර් – ප්‍රේමදාස පාලනය වයස 14ට අඩු තරුණයන් 44 ක් මැරුවා

අවුරුදු 14 ට අඩු තරුණයන් 44 දෙනෙක් ම්ලේච්ඡ ජේ.ආර් – ප්‍රේමදාස පාලනය විසින් ඝාතනය කර තිබෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මෙම විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ කාරණය ගැන සමස්තයක් ලෙස සලකා බැලිය යුතුයි. ජේ.ආර්, ප්‍රේමදාස, රනිල් ම්ලේච්ඡ පාලනය අපේ රටේ තරුණයන් දහස් ගණනක් මරා දැමුවා. අද කතා කෙරෙන්නේ එයින් එක් වධකාගාරයක් ගැන පමණයි. අද මෙතන අය ඒ ම්ලේච්ඡ පාලනය සාධාරණීකරණය කරනවා. අලුත් සමාජයක් ගැන හිතපු තරුණ තරුණියන් වධ දී මරපු වධකාගාර රාශියක් ගැන ඉතිහාසයක් මේ සමාජයේ තිබෙනවා. ජවිපෙ එදා තීරණ යුක්ති සහගත බව කොමිෂන් සභාව වාර්තාවේ පැහැදිලිව තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...