බටලන්දට රනිල්ට දඬුවම් ලබාදීම හෙවත් නොකෙරෙන වෙදකම

බටලන්ද සම්බන්ධයෙන් දඬුවම් ලබාදීමට රනිල් වික්‍රමසිංහට ජාත්‍යන්තර සහාය ලබාගත යුතු බව පැවසීම ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. ඇතැමුන් පවසන්නේ එය හරියට නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් අවශ්‍ය බව කියනවා වැනි කතාවක් බවයි.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු වගකිවයුත්තන්ට ජාත්‍යන්තර සහාය ලබාගෙන හෝ නීත්‍යානුකූලව පියවර ගන්නා බව අමාත්‍ය බිමල් රත්නායක ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පළමු දින විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මේ අතර බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් විවාදය එළඹෙන පාර්ලිමේන්තු දිනකදී දෙවන දිනටත් පැවැත්වීමට ඊයේ (10) දිනයේ සභාවේ එකඟතාව පළවිය.

පාර්ලිමේන්තුව යළි මැයි මස 8 වනදා රැස්වීමට නියමිතය.

ජේ.ආර් – ප්‍රේමදාස පාලනය වයස 14ට අඩු තරුණයන් 44 ක් මැරුවා

අවුරුදු 14 ට අඩු තරුණයන් 44 දෙනෙක් ම්ලේච්ඡ ජේ.ආර් – ප්‍රේමදාස පාලනය විසින් ඝාතනය කර තිබෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මෙම විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ කාරණය ගැන සමස්තයක් ලෙස සලකා බැලිය යුතුයි. ජේ.ආර්, ප්‍රේමදාස, රනිල් ම්ලේච්ඡ පාලනය අපේ රටේ තරුණයන් දහස් ගණනක් මරා දැමුවා. අද කතා කෙරෙන්නේ එයින් එක් වධකාගාරයක් ගැන පමණයි. අද මෙතන අය ඒ ම්ලේච්ඡ පාලනය සාධාරණීකරණය කරනවා. අලුත් සමාජයක් ගැන හිතපු තරුණ තරුණියන් වධ දී මරපු වධකාගාර රාශියක් ගැන ඉතිහාසයක් මේ සමාජයේ තිබෙනවා. ජවිපෙ එදා තීරණ යුක්ති සහගත බව කොමිෂන් සභාව වාර්තාවේ පැහැදිලිව තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...