සහල් ආනයනයේ වාසියත් ව්‍යාපාරිකයන්ට

Date:

සහල් ආනයනය කිරීමේදී කිලෝග්‍රෑම් එකකට රේගුව විසින් අයකරනු ලබන රුපියල් 65ක බදු මුදල යම් ප්‍රමාණයකින් අඩුකර දෙන ලෙස වෙළෙඳුන් රජයෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

වෙළෙඳුන් මෙන් පාරිභෝගික සංවිධාන පවසා ඇත්තේ, ආනයනික සහල් බදු අඩු කළහොත් පාලන මිලට සහල් වෙළෙඳපොළේ පවතිනු ඇති බවයි.

මාස දෙකක පමණ සිට පවතින සහල් අර්බුදයට පිළියම් ලෙස උපරිම තොග හා සිල්ලර මිල ඉහළ දැමීම මෙන්ම විදේශ රටවලින් සහල් ආනයනය කිරීමටත් රජය තීරණය කර තිබේ.

සහල් ආනයනයට අවසර හිමිවූ දෙසැම්බර් 20 වැනිදා දක්වා සහල් මෙට්‍රික්ටොන් 67,000ක් ආනයනයකර තිබූ බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

ඉන් මෙට්‍රික්ටොන් 38,500ක් නාඩු සහල් වන අතර සෙසු මෙට්‍රික්ටොන් 28,500ක් කැකුළු සහල්.

මෙම සහල් තොග වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 4.3ක් ආනයන බදු ලෙස අයකර ඇත්තේ කිලෝග්‍රෑම් එකකට රුපියල් 65 බැගිනි.

සහල් ප්‍රශ්නය විසදීම සඳහා ආණ්ඩුව ගත් එක් ක්‍රියමර්ගයක් වූ පාලන මිල ඉහළ දැමීම නිසා අවසානයේ වාසි ලැබුවේ මහා පරිමාණ සහල් මෝල් හිමියන්ය. එසේම දැන් සහල් ආනයනය හරහා බදුවලින් නිදහස් වි අධික ලාභයක් ලැබීම ආනයනකරුවන් ගේ අදහස බව පෙනේ. ඔවුන්ද උත්සාහ කරන්නේ අවස්ථාව පාවිච්චි කරමින් ලාභ ලැබීමටයි.

Share post:

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...