බාල බෙහෙත් ගැන හෙළිකරන විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට

බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක

කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්ණ තොරතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබන සතියේදී ඉදිරිපත් කෙරේ.

බාල බෙහෙත්, හදිසි ඖෂධ මිලදී ගැනීම් ඇතුළු කටයුතු සම්බන්ධයෙන් විශේෂයෙන් සකස් කෙරුණු විගණන වාර්තාවෙන් මෙම ආන්දෝලනාත්මක කරුණු හෙළිදරව් කිරීම කෙරෙන බව ජාතික විගණන කාර්යාලය පැවසීය.

මෙම විශේෂ විගණන වාර්තාව දැනටමත් සකස් කර අවසන්වී ඇත.

රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න ගේ විශේෂ උපදෙස් මත ජාතික විගණන කාර්යාලයේ නිලධාරීහු කණ්ඩායම් කිහිපයක් වසරකට ආසන්න කාලයක් තිස්සේ මේ පිළිබඳව දීර්ඝව විමර්ශන පවත්වා මෙම වාර්තාව සකස් කළහ.

ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ලියාපදිංචි කිරීම සම්බන්ධ කරුණු රැසක්ද මෙම වාර්තාවෙන් හෙළිදරව් කෙරෙන බව දැන ගන්නට ඇත.

මෙම විගණන වාර්තාවෙන් හෙළිදරව් වන කරුණු පදනම් කරගෙන පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව ) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) ද ඉදිරි දිනවල වෙන වෙනම විමර්ශන පැවැත්වීමට නියමිතය.

බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සෞඛ්‍ය ප්‍රධානීහු පිරිසක් මේවනවිට රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.

ස්නායු රෝගීන් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබියුලින්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදාහැරිමේ සිද්ධිය පිළිබඳ නඩුව මාලිගාකන්ද අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී. මෙම වංචාවෙන් රජයට සිදුවී ඇතැයි පැවසෙන පාඩුව කෝටි 110 කි.

ඊට අමතරව බාල බෙහෙත් හේතුවෙන් රෝගීන් විශාල ප්‍රමාණයකට අතුරු අබාධ ඇතිවූ අතර තවත් රෝගීන් ප්‍රමාණයක් ආසාදන හේතුවෙන් මියගොස් තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...