මුළු ලෝකෙටම බැරිවුණු බෙහෙත මමයි හොයාගත්තේ, පැණිය බීපු සියලු දෙනාම නිරෝගීව ඉන්නවා – ධම්මික බණ්ඩාර කියයි

කාලි මෑණියන් විසින් ලබාදුන් වරමක් අනුව තමන් නිපදවූ පැණිය බිව් සියලු දෙනා නිරෝගී වූ බව ධම්මික බණ්ඩාර නැමැත්තා පවසයි. ඔහු පවසන්නේ මෙම පැණිය පිළිබඳ ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය හරහා විද්‍යාත්මක සොයා බැලීමක්ද සිදුකළ බවයි.

“මේ මුළු ලෝකෙම කාටවත් හොයාගන්න බැරිවුණු බෙහෙතක් තමයි මං හොයාගත්තෙ. ඒක මට පළමු ගෞරවය තියෙන්නෙ ශ්‍රී වීර මහා භද්‍ර කාලි මෑණියන්ට. මෑණියො තමයි මේ බෙහෙත දුන්නේ. මේ රටේ ඉහළ ප්‍රභූවරුන්ට, ඒ අයගේ දුවා දරුවන්ට, ඒ වගේම රාජ්‍ය සේවකයින්ට, ත්‍රිවිධ හමුදාවට, පොලිසියට වගේ සියලු දෙනාටම මං මේ බෙහෙත දීලා ඒ අය මං ගොඩක් නිරෝගී කරගත්තා.

මං ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඔය නිලධාරී මහත්තුරුන්ටත් මේ පරීක්ෂණය කරපු අයටත් මාධ්‍යයටත් මං කියනවා මේක හරි ගවේෂණයක් කරන්න. හරියට තොරතුරු දැනගෙන මඩ ගහන්න. ගහන තරමක් ගහන්නෙ මඩ. මේ බෙහෙතට අගෞරව කරන්න එපා. මේ බෙහෙත බීලා බොහොම හොඳට නිරෝගී වූ අය ඉන්නෙ.

දැන් ආයුර්වේද සභාවෙන් අනුමැතියක් ලැබුණා මේ බෙහෙත හදලා දෙන්න කියලා. ඒ වගේමයි රටේ ඉහළම අය කිව්වා මේ බෙහෙත හදලා කිසිම ප්‍රශ්නයක් නැතුව දෙන්න කියලා. මං වඩුබාස් කෙනෙක් වෙන්න පුළුවන්, මේසන්බාස් කෙනෙක් වෙන්න පුළුවන් හැබැයි මං හොයාගත්ත බෙහෙත කියන්නෙ මට වරමකින් දුන්නු දෙයක්. ඒ වරමෙන් දුන්නු බෙහෙත හරියාකාරවම අපි හොයලා බැලුවා, විද්‍යාත්මකව හොයලා බැලුවා. තව අපි විද්‍යාත්මකව හොයාගත්තු දෙයක් තියෙනවා. මේකෙ තියෙනවා මේ බෙහෙත ගැන සම්පූර්ණ විස්තරයක්. මේ පරීක්ෂණය කරලා තියෙන්නෙ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්. මේක අපි එළියට දෙන්නෑ මාධ්‍යවලට. මොකද එතුමලා ඉල්ලීමක් කරලා තියෙනවා මේක අපි තව ටික දවසකින් දෙමු, රජයෙන් හොයන්න දුන්නු දේ හෙව්වට පස්සෙ කියලා.

ධම්මික බණ්ඩාර මේ බව පැවසුවේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේවනවිට විවිධ ප්‍රදේශවලින් ධම්මික පැණිය බිව් පිරිස්වලට කොවිඩ් වෛරසය වැළඳී ඇති සඳහන් පුවත් වාර්තා වෙමින් පවතියි. අමතරව ධම්මික පැණි බිව් කතානායකවරයාද තම කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් වැළඳීම නිසා ස්වයං නිරෝධායනය ලක් කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...