Breaking News

මුළු ලෝකෙටම බැරිවුණු බෙහෙත මමයි හොයාගත්තේ, පැණිය බීපු සියලු දෙනාම නිරෝගීව ඉන්නවා – ධම්මික බණ්ඩාර කියයි

කාලි මෑණියන් විසින් ලබාදුන් වරමක් අනුව තමන් නිපදවූ පැණිය බිව් සියලු දෙනා නිරෝගී වූ බව ධම්මික බණ්ඩාර නැමැත්තා පවසයි. ඔහු පවසන්නේ මෙම පැණිය පිළිබඳ ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය හරහා විද්‍යාත්මක සොයා බැලීමක්ද සිදුකළ බවයි.

“මේ මුළු ලෝකෙම කාටවත් හොයාගන්න බැරිවුණු බෙහෙතක් තමයි මං හොයාගත්තෙ. ඒක මට පළමු ගෞරවය තියෙන්නෙ ශ්‍රී වීර මහා භද්‍ර කාලි මෑණියන්ට. මෑණියො තමයි මේ බෙහෙත දුන්නේ. මේ රටේ ඉහළ ප්‍රභූවරුන්ට, ඒ අයගේ දුවා දරුවන්ට, ඒ වගේම රාජ්‍ය සේවකයින්ට, ත්‍රිවිධ හමුදාවට, පොලිසියට වගේ සියලු දෙනාටම මං මේ බෙහෙත දීලා ඒ අය මං ගොඩක් නිරෝගී කරගත්තා.

මං ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඔය නිලධාරී මහත්තුරුන්ටත් මේ පරීක්ෂණය කරපු අයටත් මාධ්‍යයටත් මං කියනවා මේක හරි ගවේෂණයක් කරන්න. හරියට තොරතුරු දැනගෙන මඩ ගහන්න. ගහන තරමක් ගහන්නෙ මඩ. මේ බෙහෙතට අගෞරව කරන්න එපා. මේ බෙහෙත බීලා බොහොම හොඳට නිරෝගී වූ අය ඉන්නෙ.

දැන් ආයුර්වේද සභාවෙන් අනුමැතියක් ලැබුණා මේ බෙහෙත හදලා දෙන්න කියලා. ඒ වගේමයි රටේ ඉහළම අය කිව්වා මේ බෙහෙත හදලා කිසිම ප්‍රශ්නයක් නැතුව දෙන්න කියලා. මං වඩුබාස් කෙනෙක් වෙන්න පුළුවන්, මේසන්බාස් කෙනෙක් වෙන්න පුළුවන් හැබැයි මං හොයාගත්ත බෙහෙත කියන්නෙ මට වරමකින් දුන්නු දෙයක්. ඒ වරමෙන් දුන්නු බෙහෙත හරියාකාරවම අපි හොයලා බැලුවා, විද්‍යාත්මකව හොයලා බැලුවා. තව අපි විද්‍යාත්මකව හොයාගත්තු දෙයක් තියෙනවා. මේකෙ තියෙනවා මේ බෙහෙත ගැන සම්පූර්ණ විස්තරයක්. මේ පරීක්ෂණය කරලා තියෙන්නෙ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්. මේක අපි එළියට දෙන්නෑ මාධ්‍යවලට. මොකද එතුමලා ඉල්ලීමක් කරලා තියෙනවා මේක අපි තව ටික දවසකින් දෙමු, රජයෙන් හොයන්න දුන්නු දේ හෙව්වට පස්සෙ කියලා.

ධම්මික බණ්ඩාර මේ බව පැවසුවේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේවනවිට විවිධ ප්‍රදේශවලින් ධම්මික පැණිය බිව් පිරිස්වලට කොවිඩ් වෛරසය වැළඳී ඇති සඳහන් පුවත් වාර්තා වෙමින් පවතියි. අමතරව ධම්මික පැණි බිව් කතානායකවරයාද තම කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් වැළඳීම නිසා ස්වයං නිරෝධායනය ලක් කර තිබේ.

leave a reply