විදුලි බිල 20%න් 30%න් අඩු කරන්න – ජනතාව කොමිසමට කියලා

Date:

විදුලිබිල 20%ත් 30%ත් අතර ප්‍රමාණයකින් අඩු කළ යුතු බවට ගාස්තු සංශෝධනය සඳහා පළාත් 09ම ආවරණය වන පරිදි සිදුකළ මහජන අදහස් විමසීමේදී යෝජනා වී තිබේ.

මහජන උපයෝගිතා කොමිසමේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ ඒ අනුව, කොමිසමේ අවසන් තීරණය මෙම සතියේදී ප්‍රකාශයට පත් කරන බවයි.

මේ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම පසුගිය 10 වැනිදා අවසන් වූ අතර එහිදී දේශපාලඥයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, බලශක්ති විශේෂඥයින් ඇතුළු 400කට අධික පිරිසක් අදහස් ලබාදී තිබුණි.

මෙම වසරේ මුල් මාස 6 සඳහා ක්‍රියාත්මක වීමට නියමිත ගාස්තු සංශෝධනය පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් කරමින් පසුගිය මස 06 වැනිදා ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දුන්නේ විදුලි ගාස්තුව අඩුකළ නොහැකි බවයි.

කෙසේවෙතත් දෙසැම්බර් 17 වැනිදා ප්‍රතියෝජනාවක් ඉදිරිපත් කළ මහජන උපයෝගිතා කොමිසම, විදුලි ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම සඳහා පවතින අනවශ්‍ය වියදම් අඩු කිරීම මගින් විදුලි ගාස්තුව සියයට 11ත් 20ත් අතර ප්‍රමාණයකින් අඩු කළ හැකි බව අවධාරණය කර ඇත.

ඊට අමතරව කොමිසම සඳහන් කළේ ඉන්ධන මිලදී ගැනීමේදී සාධාරණ පිරිවැයක් මත එම කටයුතු සිදු කරන්නේ නම් රුපියල් බිලියන 28ක පමණ මුදලක් ඉතිරි කර ගත හැකි බවයි.

ඒ අනුව, 22%කින් පමණ ගාස්තු අඩු කළ හැකි බව කොමිසම මූලික නිර්දේශ ඉදිරිපත් කරමින් දක්වා තිබේ.

Share post:

Popular

More like this
Related

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...