Breaking News

මේ අයවැයට අනුව ලබන වසරේ හැම පවුලක්ම වැඩිපුර ලක්ෂ එක හමාරක් බදු ගෙවන්න වෙනවා – සුජිත් කුරුවිට

ආණ්ඩුව 2024 වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද අය වැය පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කරමින් අද (14) පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පැවැත්විණි. මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට එහිදී අදහස් අදහස් දක්වමින් පැවසුවේ අයවැයට අනුව ලබන වසරේ සිට භාණ්ඩ සහ සේවා බද්ද ලක්ෂ එකහමාරක් වැඩිපුර ගෙවීමට සිදුවන බවයි.

සුජිත් කුරුවිට වැඩිදුරටත් පැවසුවේ,

”මේක නවලිබරල් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අයවැයක් මිසක් ජනතාවට සහන දෙන අයවැයක් නෙමෙයි. මේක ඉතුරුවෙලා තියෙන දේවල් ටික විකුණන අයවැයක්. පුද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීමක් ගැන කිසිදු දෙයක් මේ අයවැයේ නැහැ. වතු කම්කරුවාගේ වැටුප් වැඩිකිරීම ගැන එක සඳහනක් මේ අයවැයේ නැහැ. ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න කිසිදු උත්සහයක් ගත්ත අයවැයක් නෙමෙයි. නිෂ්පාදනය වැඩිකරලා නෙමෙයි ජනතාව මත බදු පටවලා තමයි ආණ්ඩුව ආදායම් හොයාගන්න යන්නේ. ආණ්ඩුවේ වියදම් බිලියන 6976ක් දක්වා වැඩිවෙලා තියෙනවා. ආණ්ඩුව අපේක්ෂා කරන ආදායම තියෙන්නේ බිලියන 4127ක්. ඒ දෙක අතර පරතරය බිලියන 3000ක්. මේ පරතරය පියවන්න වෙන්නේ ණය අරගෙන. ව්‍යග්ග පජ්ජ සුත්‍රයේ තියෙන්නේ පුළුවන් තරම් ණය ගන්න කියලා නෙමෙයි. ඒ කතා කරපු බණ කතාවලට සම්පූර්ණ පටහැනි විදිහට තමයි ඉලක්කම් තියෙන්නේ. ඉතිහාසයේ ගත්ත ලොකුම ණය මුදල ගන්න වෙනවා මේ අවුරුද්දේ. ගිය අවුරුද්දේ භාණ්ඩ හා සේවා බද්ද බිලියන 1376ක් අපේක්ෂා කරලා තියෙනවා. මේ අවුරුද්දේ භාණ්ඩ හා සේවා බද්ද බිලියන 2235 ක් අපේක්ෂා කර තිබෙනවා. ඒ කියන්නේ බිලියන 800ට ආසන්නව භාණ්ඩ හා සේවා බද්ද අලුතෙන් එකතු කරගන්න සූදානම් වෙනවා. ඒ අනුව පවුල් ගණනෙන් බෙදුවම මේ අලුතෙන් එකතු කරන්න තියෙන බදු ප්‍රමාණය බැලුවම හැම පවුලකටම ලක්ෂ එකහමාරක් අලුතෙන් බදු ගෙවන්න වෙනවා. දැනටම මේ රටේ එක පවුලක් ලක්ෂ හතරහමාරක් විතර දැනටම බදු ගෙවනවා. පසුගිය දවස්වල රනිල් මෝදීත් එක්ක අත්සන් කරපු ගිවිසුම් ටික ඒ විදිහටම අයවැයේ තියෙනවා. ත්‍රිකුණාමලය ආර්ථික කලාපයක් ඉන්දියාවේ ආයෝජකයෝ එක්ක එකතුවෙලා හදන එක ඒ වගේම කොළඹ වරාය නිරිත දිග ඉන්දියාවේ නාවික කටයුතුවලට ලබාදෙන්න. ඒ වගේම තිරිකුණාමල වරාය අග්නිදිග ඉන්දියාවේ නාවික කටයුතුවලට ලබාදෙන්න. දූෂණය වංචාව නවත්වන්න කිසිම උත්සාහයක් මේකෙ නැහැ. ප්‍රාදේශීය දේශපාලකයන්ට මස් කටු ටිකක් දීලා තියෙනවා. මේ තියෙන අයවැය දිහා බැලුවම අපිට කෙටියෙන්ම කියන්න තියෙන්නේ මේ අයවැය එක දවසක්වත් ක්‍රියාත්මක වෙන්න දිය යුතු එකක් නෙමෙයි.”

leave a reply