E8 රැකියා අර්බුදය – මනූෂ සහ නිලධාරීන් වගකිව යුතු නැද්ද ?

E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ පවසනවා.

ඔහු පවසන්නේ, ඔවුන් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන අරඹා තිබෙන බවත් E8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ රැකියා ලබා දීමට නීත්‍යානුකූල ගිවිසුමක් නොමැති බැවින් එම රැකියා නීත්‍යානුකූල නොවන බවයි.

එලෙස රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයින් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ‘සභාපතිට කියන්න” වැඩසටහනට තොරතුරු ලබා දෙන ලෙසද කෝශල වික්‍රමසිංහ පවසනවා.

පසුගියදා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිටට රැස්වූ තරුණ තරුණියන් පිරිසක් මෙම වැඩසටහන යටතේ තමන්ට රැකියා සඳහා යාමට හැකි පරිදි රජයෙන්කාර්යාංශයේ අවශ්‍ය වැඩපිළිවෙළක් සකසන ලෙස ඉල්ලා විරෝධතාවයක් නිරතවූ අවස්ථාවේ පොලිසිය එයනිලධාරීන් මර්දනය කරන ආකාරය දැකිය හැකි විය. මේ ක්‍රමවේදයට රැකියා ලබාදීම ගැන වැඩකාර්යාංශයේසටහනක් ක්‍රියාත්මක කර තිබෙන්නේ පසුගිය රජයේ විදේශ රැකියා ඇමති මනූෂ නානායක්කාර සහ විදේශ සේවා නියුත්කි කාර්යාංශයේ මැදිහත්වීමෙන් බව තොරතුරු වාර්තා වි තිබේ.කාර්යාංශයේ

මීට දින කිහිපයකට පෙර පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් ජන අරගල සන්ධානයේ විධායක කමිටු සාමාජික ලහිරු වීරසේකර පැවසුවේ ” කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වරයා කියනවා මෙම රැකියා සඳහා යැවීමේ ක්‍රමවේදය නීතිවිරෝධී ක්‍රමවේදයක් කියලා. නමුත් මේකට අදාලව මේ වසරේ මැයි 14වනදා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී. ඩී. පි. සේනානායක මහතාගේ වගකීමෙන් යුතුව කැබිනට් මණ්ඩලයට ඒවකට හිටියා ඇමති ඉදිරිපත් කරපු යෝජනාවක් තියෙනවා.

E8 වැඩපිළිවෙළ නිශ්චිතව විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් යෝජනා කරපු වැඩපිළිවෙළක්. එක විදේශ රැකියා අමාත්‍යංශයක් කැබිනට් අනුමැතියට සඳහා කාර්යාංශයේයොමුකළ වැඩපිළිවෙළක්. මේකට කැබිනට් අනුමැතිය ලබාදීම අතරමග නතර වෙලා තියෙනවා. හැබැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැන් කියන්නේ කොහොමද තමන් ඉදිරිපත් කරපු වැඩපිළිවෙළ නීතිවිරෝධී කියලා.

දැන් ආණ්ඩුව කියනවා මේක මිනිස් ජවරමක් කියලා. ඒකට අවශ්‍ය කටයුතු කරලා තියෙන්නේ එහෙනම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්. ඒ කාලයේ හිටපු විදේශ රැකියා ඇමති මනූෂ නානායක්කාර. ”

https://m.youtube.com/watch?v=YtTHB7KOwoEsa

Share post:

Popular

වෙනත් පුවත්

උතුරේ තවත් ලේඛකයෙකුගේ පොතක් රේගුව රඳවාගෙන

උතුරේ තවත් දෙමළ ලේඛකයකුගේ නව කතාවක් ශ්‍රී ලංකා රේගුව...

පොලිස් ඇමතිගෙ පම්පෝරි විතරයි – ඉෂාර ඝාතනය කළ නිලධාරීන් අත්අඩංගුවට ගෙන නැහැ

හෝමාගම මූලස්ථාන පොලිස් ස්ථානයේ සිරමැදිරිය තුළ රඳවා සිටියදී මියගිය...

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...