මධ්‍යම පළාතේ දරුවන් අතර මන්දපෝෂණය ඉහළට

මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වයස අවුරුදු පහට අඩු දරුවන් 2,142 ක් උග්‍ර මන්දපෝෂණ තත්වයෙන් පෙළෙන බව හඳුනා ගෙන ඇති බව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසනවා.

‘ලංකාදීප’ වාර්තා කළේ 2023 වසරට අදාළව මධ්‍යම පළාතේ පවතින මන්දපෝෂණ තත්වය සම්බන්ධයෙන් 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ පනත අනුව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් කරන ලද තොරතුරු ඉල්ලීමකට ලබා දී ඇති තොරතුරුවල මේ බව සඳහන් වෙන බවයි.

මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන අවුරුදු පහට අඩු දරුවන් 2142 ක් පළාතේ සිටින අතර මධ්‍යම මට්ටමේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 15,920 ක් සහ ඌණ පෝෂිත දරුවන් 27,812 ක් හඳුනා ගෙන ඇති බවත් මෙහිදී අනාවරණය වී තිබෙනවා.

එම වාර්තා පෙන්වා දෙන්නේ, මහනුවර දිස්ත්‍රික්කයේ උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් 970 ක් මාතලේ දිස්ත්‍රික්කයේ 461 ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දරුවන් 711 ක්ද හඳුනා ගෙන ඇති බවයි.

එමෙන්ම, මධ්‍යම මට්ටමේ මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් මහනුවර දිස්ත්‍රික්කයේ 7626 ක් මාතලේ දිස්ත්‍රික්කයේ 3716 ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ 4588 ක් වශයෙන් හඳුනාගෙන තිබෙනවා.

තවද, ඌණ පෝෂිත දරුවන් මහනුවර දිස්ත්‍රික්කයේ 11,044 ක් මාතලේ දිස්ත්‍රික්කයේ 4051 ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ 12,717 ක් වශයෙන් හඳුනා ගෙන ඇති බව සඳහන්.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස මට්ටමින් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වන අතර එම සංඛ්‍යාව 76 ක්.

එමෙන්ම, යටිනුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් 68කුත්, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් 67 ක් සහ විල්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් 61 ක් වශයෙන් වාර්තා වී තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම මන්දපෝෂිත දරුවන් වාර්තා වී ඇත්තේ කොත්මලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් 89 ක් සහ ළිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් 84 ක් වශයෙන්.

මෙම සංඛ්‍යා ලේඛන අනුව පෙනී යන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දරුවන් තුල මන්දපෝෂණ තත්වයේ වැඩි වීමක් පෙන්නුම් කරන බවයි.

මෙහිදී විශේෂත්වයක් වන්නේ මෙම ප්‍රදේශවල කඳුකර දමිළ ජනතාව විශාල වශයෙන් ජීවත්වීමයි. අඩු ජීවන තත්ත්වයන් යටතේ ජිවත්වන මෙම ජනතාවගේ ජීවිත ආර්ථික අර්බුදය හමුවේ තවත් අගාධයට ගොස් තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...