එන්නත් බාරගන්න ‘පැණි’ ප්‍රමෝට් කරපු රාජ්‍ය ඇමති චන්න ජයසුමනත් ගිහින්

ඉන්දීය රජය ප‍්‍රදානය කළ ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනිකා කොවිෂීල්ඞ් කොවිඞ් මර්දන එන්නත් පළමු තොගය ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ විසින් ඊයේ (28දා) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපළේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත බර දුන් අවස්ථාව සඳහා රාජ්‍ය ඇමති චන්න ජයසුමන සහභාගී වී සිටීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංවාදයක් ඇතිව තිබේ.

එයට හේතුව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති චන්න ජයසුමන පසුගිය කාලයේ කොවිඩ් මර්දනය කළ හැකි ආයුර්වේද ඖෂධයක් බව පවසමින් ධම්මික බණ්ඩාර නැමැත්තා විසින් නිපදවූ ධම්මික පැණියට රාජ්‍ය අනුමැතිය ලබාදීමට විශාල වෙහෙසක් ගත්තෙකු වීමයි.

රාජ්‍ය ඇමතිවරයා ඊට පෙරද කොවිඩ් මර්දනය කළ හැකි බව පවසමින් සුදර්ශනී නම් පැණියක් රැගෙන රට වටේ යනු දැකිය හැකි විය.

සමාජ මාධ්‍යවල අදහස් දක්වන්නන් දැන් එන්නත් ලබාගැනීමට රාජ්‍ය ඇමතිවරයා ගොස් සිටින්නේ රෙදි ඇඳගෙනදැයි ප්‍රශ්න කරමින් සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...