ණය අරගෙන රාජපක්ෂලා හොරා කෑවා නම් ජනතාව ණය ගෙවිය යුතුද?

ජනාධිපතිවරයා අයවැය කතාවේදී ණය ගත්තනම් ගෙවිය යුතු බව කීවද මැතිවරණයට පෙර කීවේ වෙනත් කතාවක් බව පුබුදු ජයගොඩ පවසයි.

අද කොළඹදී අයවැය සම්බන්ධයෙන් පැවති සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමින් පුබුදු ජයගොඩ මේ බව පැවසීය. රාජපක්ෂලා රනිල්ලා ණය අරගෙන හොරා කෑ බවත් ඔවුන් ඒවා ගෙවිය යුතු බවත් මැතිවරණ වේදිකාවල පවසා දැන් ජනතාවට ඒවා ගෙවන්න කියන්නට පවසන්නේ ඇයිද යන්න ඔහු ප්‍රශ්න කර සිටියි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ,

”ජනාධිපතිතුමා අයවැය කතාවේ කිව්වා ණය ගත්තනම් ගෙවන්න ඕනා කියලා. මේ සැරේ අයවැයේ අපි හිරවෙලා ඉන්න ලොකු උගුලක් තියෙනවා රාජ්‍ය වියදමෙන් අතිවිශාල කොටසක් ණය පොලී වාරික ගෙවන්න වෙන් කරලා තියෙන්නේ. ණය ගත්තනම් ගෙවන්න ඕනා කියලා ජනාධිපතිවරයා කිව්වේ සාමන්‍ය ජනතාවගේ කොමන් සෙන්ස් එකට. ණය ගත්තනම් ගෙවන්න ඕන නම් ණය හිමියෝ එක්ක සාකච්ඡා කරනවා කියලා මැතිවරණයේ දී පොරොන්දු වුනේ ඇයි? ණය ගත්තනම් ගෙවන්න ඕන නම් විකල්ප ණය තිරසාරකරණ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා කියලා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ලිව්වේ ඇයි? ණය ගත්තනම් ගෙවන්න ඕන නම් ණය අරගෙන කරේ රාජපක්ෂලා හොරා කන එක හොරා කාපු සතයක් මහජන මුදලින් ගෙවන්නේ නෑ හොරා කාපු එවුන්ටම ගෙවන්න දෙනවා කියලා වේදිකා පැලෙනකම් කෑ ගැහුවේ ඇයි? එහෙනම් මෙහෙම කරන්න ඕනා. රාජපක්ෂලා නම් ණය ගත්තේ රාජපක්ෂලා ගෙවපන්. රනිල්නම් ණය ගත්තේ රනිල් ගෙවපන්.ඇයි අපිට ගෙවන්න කියන්නේ. අරගලයේ ප්‍රධාන සටන් පාඨයක් හොරාකාපු සල්ලි දියව් කියන එක. ණය ගත්ත සල්ලිවලින් හොරා කෑවනේ. ඇයි ඒවා අපිට ගෙවන්න කියන්නේ. ”

Share post:

Popular

වෙනත් පුවත්

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...

ගෙවුණු මාස කීපය තුළ අලි මරණ සංඛ්‍යාව 200කට ආසන්නයි 

2026 වසර ආරම්භයේ ළමු දින 50 තුළ වන අලි...

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...