හරක් ගැනද අනුකම්පා උදෑසන

ගිනි ගන්නවා කහ සිවුරක් උදෑසන
හරක් ගැනයි අනුකම්පා බලාගෙන
කරුණාවයි මෛති‍්‍රයයි බදාගෙන
අලි රංචුව එහා පැත්තේ අඬාගෙන

කිරි අම්මලා දුක් කරදර දරාගෙන
හණ ගහද්දි කුර විදිද්දි සිනාසෙන
බුදුන් බුදුන් වැඳ පුදමින් මීනි කන
හරක් ගැනද අනුකම්පා උදෑසන

දෙමළ කැවුත්තට කෙළිද්දි සිනාසුන
ඌරා කුකුළා මාළු එක්ක ඩෙවල් කන
හම්බ කැවුත්තට කෙළින්න බලාගෙන
හරක් ගැනද අනුකම්පා උදෑසන

විදර්ශනාවට යනවා හරක් ගැන
සුදර්ශනා ගිනි ගනිද්දි සිනාසුන
බුදුන් දෙසු ධර්මෙට ගිනි තියාගෙන
හරක් ගැනද අනුකම්පා උදෑසන

ගෙටොවේ එකෙක්

2013, මැයි 27 වනදා බූන්දි වෙබ් අඩවියේ පළවූ කවියකි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...