IMF දෙවන වාරිකයට අනුමැතිය – බදු තව වැඩි කරන්න උපදෙස්

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන පළමු සමාලෝචනය සම්පූර්ණ කිරීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් විස්තීරණ ණය පහසුකම් පිළිබද වන අමෙරිකානු ඩොලර් මිලියන 337ක් වූ දෙවන වාරිකය නිකුත් කිරීමට අද (දෙසැ 13) අනුමැතිය ලැබිණි.

එසේම ජනතාව මත පනවා ඇති වක්‍ර බදු වැඩිකර තිබියදීත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් බදු ආදායම තවත් ඉහළ දැමිය යුතු බව යෝජනා කිරීම විශේෂත්වයකි.

මාස 48ක විස්තීර්ණ ණය පහසුකම් යටතේ මේ දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කර ඇති සම්පූර්ණ ණය මුදල අමෙරිකානු ඩොලර් 670ක් වේ.

2023 මාර්තු 20 දින වැඩසටහන් අනුමත කරන විට ශ්‍රී ලංකාවේ විස්තීරණ ණය පහසුකමේ සම්පූර්ණ වටිනාකම අමෙරිකානු බිලියන තුනක් පමණ විය.

ජාත්‍යන්ත මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී ඇති ආධාර වැඩසටනේ බොහෝ කැපවීම් ශ්‍රී ලංකාව බදු සහ විදයම් ඉලක්ක හැර බොහෝ කපවීම් ඉටු කර ඇතැයි ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙස්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් පෙන්වා දෙයි.

බදු ආදායම හැර අනෙකුත් සියලුම දර්ශක ඉලක්ක සපුරා ගෙන ඇති අතර බොහෝ ව්‍යුහාත්මක මිණුම් සලකුණු 2023 ඔක්තෝම්බර් මස අග වන විට ප්‍රමාද වී හෝ ක්‍රියාවට නංවා තිබෙන බව IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා නිකුත් කළ නිවේදනයේ ද දැක්වේ.

ශ්‍රී ලංකාවේ බදු ආදායම ඉතාමත් පහළ මට්ටමක තිබෙන බවත් එය දළ දේශීය නිෂ්පාධිතයෙන් සියයට 8.3ක් බවත් පීටර් බෘෘවර් පවසයි.

නමුත් අනෙක් සංවර්ධනය වෙමින් පවතින රටවල බදු ආදායම දළ දේශීය නිෂ්පාධිතයෙන් සියයට 26ක් බවත් ඔහු පෙන්වා දී ඇත.

රජයට අත්‍යාවශ්‍ය සේවා සැපයිම සඳහා බදු ආදායම ඉහළ නංවා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවත් ඔහු සඳහන් කර ඇත.

එසේම ණය ප්‍රතිව්‍යවගත කිරීමේ දී චීනය මෙරට නිල ණය හිමියන්ගේ කමිටුවට පත්වීම අත්‍යාවශ්‍ය නොවන බවත් රහස්‍ය භාවය ආරක්ෂා කිරිමේ කොන්දේසි මත චීන ණය ප්‍රතිව්‍යුගත කිරීමේ කොන්දේසිවල සාරංශය ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ලබාදීමට නියමිත බව ද ඔහු කීය.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...