ගෙදර ගිනි ගත්ත නිසා රනිල්ට ගෙදරක වටිනාකම දැනිලා

Date:

මීට වසර දෙකකට පෙර තම නිවස ගිනි තබා විනාශ කළ අවස්ථාවේ නිවසක වටිනාකම තමාට තදින් දැණුන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනපතිවරයා මේ බව පවසා සිටියේ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ “රන්දොර උරුමය” වැඩසටහනේ පළමු අදියර යටතේ නිවාස 50,000ක අයිතිය ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් .

ඒ අනුව එහි වටිනාකම හඳුනාගනිමින් කොළඹ නගරයේ මහල් නිවාසවල ජිවත්වන ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාසවල පූර්ණ අයිතිය හිමිකර දීමේ වැඩසටහන ක්‍රියාවට නැංවූ බව ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළා.

කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණ 13 පිහිටි නිවාස 130ක හිමිකාරීත්වය ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරුණු බව සඳහන් වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිදුවීමට අදාල පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා තිබේ. නමුත් මෙතෙක් ඒ සම්බන්ධ පැහැදිලිවම සම්බන්ධ කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැති වීමද විශේෂත්වයකි. එසේම එම නිවාස ගිනි ගැනීමට අදාළ සිදුවීමේදී සම්බන්ධ සැක සහිත සිදුවීම් කිහිපයක් ගැනද වාර්තා විය.

ගින්න අවස්ථාවෙහි එම අවට විදුලිය විසන්ධි වීමක්ද වාර්තා විය. මෙලෙස විදුලිය විසංධිවීමක් අදාළ කලාපයේ සිද්ධකරන්නට උපදෙස් නොදුන් බව අද මහජන උපයෝගිතා කොමිසම සඳහන් කර තිබුණි. එසේම දැවී අළුවී ගිය බව කිවූ පොත් වෙනත් තැනක තිබෙන ආකාරය දැක්වෙන ඡායාරූප ප්‍රසිද්ධ වීම වැනි සිදුවීම් ගණනාවක් තිබේ.

දැන් මේ රනිල් කිඹුල් කඳුළු හෙලන්නේ එවැනි සිදුවීමක් ගැනයි.

කෙසේවෙතත් රනිල්ගේ මේ ප්‍රකාශයේ පවතින බරපතල තත්ත්වය වන්නේ රටේ ජනතාව තම නිවාස අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට රටේ ජනාධිපතිවරයාට පෞද්ගලිකව ඒ ගැන හැඟීමක් එනතුරු සිටිය යුතුද යන්නයි. නිවසක් යනු ඕනෑම මිනිසෙකුගේ අයිතියකි. එම අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට පාලකයන් සතු වගකීමකි. එසේම මෙම නිවාස යනු රජයේ බදු මුදලින් ඉදිකර දෙන ඒවා මිස රනිල්ගේ කරුණා මහිමය නිසා පහළ වූවා නොවේ.

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...