විදේශ ආයෝජන ව්‍යාපෘති 179 කින් සාර්ථක වී ඇත්තේ 31ක් පමණයි

ශ්‍රී ලංකාව තුළ සිදු කරන ලද විදේශ ආයෝජන ව්‍යාපෘති 179 කින් සාර්ථක වී ඇත්තේ ව්‍යාපෘති 31 ක් පමණක් බව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී හෙළිව තිබෙනවා.

ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සහ විදේශ ආයෝජන ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය කමිටුවේදී සාකච්ඡාවට ගත් අවස්ථාවේදී මෙම කරුණ අනාවරණය වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම සාකච්ඡාව සිදු කර තිබුණා.

විදෙස් ආයෝජන ව්‍යාපෘති සඳහා ආසන්න වශයෙන් රුපියල් ට්‍රිලියන 2.6ක පමණ මුදලක් විදෙස් ආයතනවලින් ලැබී ඇති බව මෙම කමිටුවේදී හෙළිව තිබෙනවා.

කෙසේවෙතත් කමිටුව අවධාරණය කර ඇත්තේ, රටේ ප්‍රාග්ධන වියදම් සඳහා ලබාගෙන ඇති විදේශ ණය සහ ප්‍රදානයන් තුළින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීම සඳහා එවැනි ව්‍යාපෘති නිසි පරිදි ක්‍රියාත්මක නොවීම ඉතා කණගාටුදායක කරුණක් බවයි.

මෙම ව්‍යාපෘති තුළින් අපේක්ෂිත අරමුණු ඉටු නොවන අතර රටේ විදේශ ණය ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවද කමිටුව මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මෙලෙස අරමුණු ඉටු නොවීමට හේතු වී ඇත්තේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ අමාත්‍යාංශ සහ ඒවායේ මෙහෙයුම් ආයතන මෙන්ම ව්‍යාපෘති අධීක්ෂණ ඒකකවල දුර්වලතා බවත් කමිටුව පෙන්වා දෙනවා.

අපනයන ආර්ථිකයක් ඇති කිරීමේ අරමුණින් නව ආයෝජකයන්ට ආරාධනා කළයුතු අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයා දීමට රජය කටයුතු කරන බව රනිල් වික්‍රමසිංහ අපනයන සම්මාන උළෙල අමතමින් ප්‍රකාශ කර තිබුණි. නමුත් ඒවා කතා පමණක් බව පෙනෙන්නට තිබේ. ලංකාව තුළ ණය ගනිමින් අධිවේගී මාර්ග හදන්නේ වරාය නගර හදන්නේ, ගොඩනැගිලි, ගුවන් තොටුපොල, වරාය හදන්නේ නව විදෙස් ආයෝජන වෙනුවෙනි. නමුත් අවසානයේ ඉතිරිව ඇත්තේ ණය පමණක් බව පෙනෙන්නට තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...