අත්අඩංගුවට පත්වූ පසු ‘ලොක්කන්ට’ හැදෙන ලෙඩේ කෙහෙළියටත්

ඖෂධ වංචාව පිළිබඳ චෝදනා ලැබූ රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පසුගිය 02 ද අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ලව ඊයේ (03) මාළිගාකන්ද අධිකරණය වෙත රැගෙනවිත් තිබූ අතර එහිදී මේ මස 15 වනදා තෙක් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

බන්ධනාගාර ගතවන අමාත්‍යවරුන් මීට පෙර සිටම දඩුවමින් ගැලවීමට භාවිතා කරන නින්දිත ක්‍රියාමාර්ගය කෙහෙලිය රඹුක්වැල්ලද කිසිදු හිරිකිතයකින් තොරව ක්‍රියාවට නැංවීම සමාජ මාධ්‍ය තුළ දැඩිව විවේචනයට ලක්ව තිබෙනවා.

ඊයේ (03) අත්අඩංගුවට ගන්නා තුරුම සෞඛ්‍ය සම්පන්නව සිටි ඔහු හිටිහැටියෙ ඔත්පල වී තිබෙනවා.

මේ ආකාරයෙන්ම ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබූ දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහලට ඇතුළත්වී ජනාධිපති සමාව ලැබෙන තුරුම නේවාසිකව ප්‍රතිකාර ගනු ලැබූවා.

ඒ වන තෙක් නඩුව සඳහාද ගිලන් රථයෙන් හා රෝද පුටුවෙන් අධිකරණයට පැමිණි ඔහු ජනාධිපති සමාවත් සමඟ දේව හාස්කමකින් මෙන් එක්වරම සුවවී රෝද පුටුවෙන්ද නැගිට නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස වැඩභාර ගනු ලැබූවා.

අනතුරුව යළිත් ජනාධිපති සමාව අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති නඩුවෙන් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස ලැබුණු නියෝගයත් සමඟ ඔහු යළිත් ඔත්පල වී ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව වසරකටත් වැඩි කාලයක් පුරා ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මිට අමතරව මෙතෙක් අත්අඩංගුවට පත්වන මැති ඇමති ප්‍රමුඛ ප්‍රභූන් යයි කියාගන්නා බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගත් විගස ලෙඩවීම සාමාන්‍ය කරුණක් බවට පත්ව තිබෙනවා.

එයට එරෙහිව සාමාන්‍ය ජනතාව සිදුව ඇත්තේ අත්අඩංගුවට ගත් පසුව ඇත්තටම අසනීප වුවද ප්‍රතිකාර ලැබීමේ අයිතිය අහිමිකර පොලිස් අත්අඩංගුවේ හෝ බන්ධනාගාරයේදී මිය යාමටයි.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...