Breaking News

මහජන ආරක්ෂක ඇමතිගේ ගල් පැලෙන බොරු!

පසුගිය වසරේ පාසල් අනුයුක්ත සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් අධ්‍යාපන අමාත්‍යංශය අසල පැවැත්වූ උද්ඝෝෂණය අවස්ථාවේ පොලිස් නිලධාරීන්ට තුවාල සිදුකර තිබුනේ සංවර්ධන නිලධාරියෙක් බවත් ඔහු පසුව අත්අඩංගුවට ගත් බවත් මහජන ආරක්ෂක ඇමති පවසා තිබේ. මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මේ බව පවසන්නේ අද පාර්ලිමේන්තුවේදීයි.

එදින පැවති උද්ඝෝෂණය අතරතුර සැකකටයුතු පුද්ගලයෙක් පොලිස් නිලධාරීන් තිදෙනෙකුට කැපුම් තුවාල සිදුකර තිබුණි. එම අවස්ථාවේ උද්ඝෝෂණයේ නිරත සංවර්ධන නිලධාරීන් ඔහුව අල්ලා පොලීසියට බාර දී තිබුණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී සංවර්ධන නිලධාරීන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. පසුව ඔවුන් ඇප මත නිදහස් කෙරිණි.

පසුව සැකකටයුතු පුද්ගලයා ඔත්තු සේවා නිලධාරියෙකු බව පොලිසිය අධිකරණයටද කරුණු වාර්තා කර තිබුණි.

එසේම මෙම සිදුවීමට අදාළ නඩු කටයුත්තක් තවමත් විභාග වෙමින් පවතින අතර සංවර්ධන නිලධාරීන් මෙම සිදුවීමට වරදකරුවන් වී නොමැත. ඔවුන් සැකකරුවන් පමණි.

එසේ තිබියදී මහජන ආරක්ෂක ඇමතිවරයා නඩුවේ තීන්දුව ද ප්‍රකාශයට පත් කර ඇත. එසේම එය අසත්‍ය කරුණු මත පදනම් වී ඇති බව පැහැදිලිය.
https://vivaranews.com/archives/53960

leave a reply