මහජන ආරක්ෂක ඇමතිගේ ගල් පැලෙන බොරු!

පසුගිය වසරේ පාසල් අනුයුක්ත සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් අධ්‍යාපන අමාත්‍යංශය අසල පැවැත්වූ උද්ඝෝෂණය අවස්ථාවේ පොලිස් නිලධාරීන්ට තුවාල සිදුකර තිබුනේ සංවර්ධන නිලධාරියෙක් බවත් ඔහු පසුව අත්අඩංගුවට ගත් බවත් මහජන ආරක්ෂක ඇමති පවසා තිබේ. මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මේ බව පවසන්නේ අද පාර්ලිමේන්තුවේදීයි.

එදින පැවති උද්ඝෝෂණය අතරතුර සැකකටයුතු පුද්ගලයෙක් පොලිස් නිලධාරීන් තිදෙනෙකුට කැපුම් තුවාල සිදුකර තිබුණි. එම අවස්ථාවේ උද්ඝෝෂණයේ නිරත සංවර්ධන නිලධාරීන් ඔහුව අල්ලා පොලීසියට බාර දී තිබුණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී සංවර්ධන නිලධාරීන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. පසුව ඔවුන් ඇප මත නිදහස් කෙරිණි.

පසුව සැකකටයුතු පුද්ගලයා ඔත්තු සේවා නිලධාරියෙකු බව පොලිසිය අධිකරණයටද කරුණු වාර්තා කර තිබුණි.

එසේම මෙම සිදුවීමට අදාළ නඩු කටයුත්තක් තවමත් විභාග වෙමින් පවතින අතර සංවර්ධන නිලධාරීන් මෙම සිදුවීමට වරදකරුවන් වී නොමැත. ඔවුන් සැකකරුවන් පමණි.

එසේ තිබියදී මහජන ආරක්ෂක ඇමතිවරයා නඩුවේ තීන්දුව ද ප්‍රකාශයට පත් කර ඇත. එසේම එය අසත්‍ය කරුණු මත පදනම් වී ඇති බව පැහැදිලිය.

සංවර්ධන නිලධාරී උද්ඝෝෂණයේදී තුවාල සිදුකල පුද්ගලයා ඔත්තු නිලධාරියෙක් – පොලිසිය පිළිගනියි

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...