ගෝඨා පාර්ලිමේන්තුවට පැමිණ පස්ස දොරෙන් පැන යයි!

අද (අප්‍රියෙල් 07 ) වැනිදා උදෑසන 10.15ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ තිබේ.

එහෙත්, ඒ විගසම නැවත ඔහු පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටතට ගොස් ඇත. ඒ බව 10.20ට පමණ තමන්ගේ කතාව සිදු කළ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

මෙයට හේතුව පාර්ලිමේන්තුව ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ඇති ඉඩකඩ නිසා බව ආරංචිමාර්ග කියයි. ඔහු ස්වෙච්ඡාවෙන් ඉවත් නොවන්නේ නම් ඔහුව ඉවත් කළ හැක්කේ එක්කෝ දෝෂාභියෝගයකින්, නැත්නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමකින් පමණි.

මීට අමතරව ඔහු ව්‍යවස්ථාව අනුව මාස තුනකට වතාවක් පාර්ලිමේන්තුවට පැමිණිය යුතුය. එසේ නොවුණහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කළ බව චෝදනා ලබමින් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට පදනමක් ඇති බව පැවසේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...