ගෝඨා පාර්ලිමේන්තුවට පැමිණ පස්ස දොරෙන් පැන යයි!

අද (අප්‍රියෙල් 07 ) වැනිදා උදෑසන 10.15ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ තිබේ.

එහෙත්, ඒ විගසම නැවත ඔහු පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටතට ගොස් ඇත. ඒ බව 10.20ට පමණ තමන්ගේ කතාව සිදු කළ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

මෙයට හේතුව පාර්ලිමේන්තුව ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ඇති ඉඩකඩ නිසා බව ආරංචිමාර්ග කියයි. ඔහු ස්වෙච්ඡාවෙන් ඉවත් නොවන්නේ නම් ඔහුව ඉවත් කළ හැක්කේ එක්කෝ දෝෂාභියෝගයකින්, නැත්නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමකින් පමණි.

මීට අමතරව ඔහු ව්‍යවස්ථාව අනුව මාස තුනකට වතාවක් පාර්ලිමේන්තුවට පැමිණිය යුතුය. එසේ නොවුණහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කළ බව චෝදනා ලබමින් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට පදනමක් ඇති බව පැවසේ.

Share post:

Popular

වෙනත් පුවත්

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...