තලෙයි මන්නාරම් අර්ධද්විපෙයන් උතුරු දෙසට දිවෙන වෙඩිතලතිව් කලපුව ශ්‍රිලංතාවේ උතුරුමුහුදු කලාපයේ පවතින පවතින ජෛව විවිදත්වයෙන් අනුන සාගර පරිසර පද්ධතියක් වන අතර එය හෙක්ටයාර 29,180 ක වපසරියකින් යුතු දිවයිනේ තුන්වන විශාලතම සාගර රක්ෂිත බුමියයි.
උතුරු ප්‍රදේශයේ සිදුකරන ලද උපාය මාර්ගික පරිසර ඇගයිමකින් පසුව(Strategic Environmental Assessment) 2016 වසරේදි මෙම කලාපය වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනතේ නෛතික ප්‍රතිපාදන මත සාගර “ස්වභාව රක්ෂිතයක්” ලෙස නම්කිරිම මෙහිවන පරිසර විද්‍යාත්මක වටිනාකම සංරක්ෂනයේහි ලා රජය මගින් ගත් සාදනිය ප්‍රවේශයක් විය.
කෙසේ වෙතත් රක්ෂිතය පිහිටුවා සුලුකාලයක් ගෙවුනු කල මෙහි කොටසක් වානිජ ජලජීවි වගාවක් සදහා රක්ෂිත භාවයේන ඉවත්කරගැනිමට යෝජනාවක් පැමිනි අතර ඒම අවස්තාවේ විවිධ පාර්ශවයන්ගෙන් පැමිනි විරෝධතා හේතුවෙන් යෝජනාව තාවකාලිකව යටපත්විය.
කෙසේ වෙතත් මෙම මස හයවෙනි දින(2024 මැයි 06) වනජීවි හා වනසම්පත් සංරක්ෂන අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරිච්චිගේ අත්සනින් යුතුව නිකුත්වන අංක2383/05 අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මෙම ස්වභාව රක්ෂිතයේ කොටසක් රක්ෂිතබාවයෙන් ඉවත්කරනු ලබන්නේ මෙම අනර්ග පර්සර පද්ධතියේ ඉරණම පිලිබද අවදානමක සේයාවන් අප හමුවේ තබමිනි.
මෙම සාගර හා වෙරළ කලාපයේ පරිසර විද්‍යාත්මක වටිනාකම කෙබදුද?
මන්නාරමේ සිට උතුරුදෙස්ට දිවෙන වෙරළතිරය හා නොගැඹුරු සාගරකලාපය ජෛව විද්‍යාත්මකය අනන්‍යතාවයක් ගොඩනගාගෙන ඇත්තේ වැලිපර සහිත නොගැඹුරු මුහුදු පතුලේ මුහුදු තෘණභුමි හා විවිධ ඇල්ගි විශේෂ පැවතිමත් ඒම ජෛවිය වශයෙන් සක්‍රිය මුහුදු පතුල මත්ෂ්‍යයින් සහා ඉස්සන් කකුලුවන් වැනි ක්‍රස්ටේෂියාවන්ටගේ අභිජනන බුමියක් බවට පත්වීම තුලය. තවද මුහුදු ඌරා Dugong dugon නැමති වධවිමේ තර්ජනයට ලක්ව ඇති සාගරවාසි ක්ෂිරපායියා ගේ හිතකරම හිතකරම වාස භුමිය මෙම මුහුදු කලාපයයි.
ජලජ ප්‍රජාව හැරුනු කොට ශ්‍රි ලංකාවට පැමිනෙන පර්යටන පක්ෂින්ගේ ලැගුම් හල මෙන්ම අභිජනන භුමියක් ලෙසද මෙම වෙරල කළාපයට හිමිවන්නේ සුවිශේෂි වටිනා කමකි.
මෙවන් පසුබිමක මෙම රක්ෂිත කලාපයෙන් කොටසක් රක්ෂිත භාවයයෙන් ඉවත්කිරිම සිදුකරනුයේ ඉස්සන් වගාව හො වෙනත් ආකාරයක වානිජ ජලජිවි වගාවක් වෙනුවෙන් යම් ආයෝජකයකුට පැවරිමට නම් එමගින් ඇති කල හැකි පරිසර විද්‍යාත්මක බලපැම ගැඹුරින් සැලකිල්ලට ලක්කලම යුත්තකි.
ඉස්සන් කොටු ඇතිකිරිම මගින් නොගැඹුරු වෙරල හා කලපු පරිසර පද්ධතින්ට සිදුවන දැවන්ත හානිය පිලිබද අබාවාචක අත්දැකිම් මීගමුවේ සිටි ඉහලට දිවෙන වයඹදිග මුහුදු තිරයේදි ඔිනැතරම් අත්විද ඇත.
ගඩොලාන පරිසර පද්ධති විනාශකරමින් මෙන්ම නොගැඹුරු සාගර පතුලට විශාල වශයෙන් දුෂක ඒකතුකරමින් සිදුකරන විණාශය මෙන්ම වෙරල හා නොගැඹුරු මුහුදු කලාපයේ ජෛව විවිධත්ව හායනය ඒ් අතර වන බරපතල පාරිසරික තර්ජනයන් ලෙස හදුනාගත හැක.
ඒමෙන්ම ඉස්සන් , පොකිරිස්සන්, කකුලුවන් වැනි ක්‍රස්ටේෂියාවන් මෙන්ම ඇතැම් බෙල්ලන් විශේෂ වානිජ කරදිය ජලජිවි වගාවන්ට සුලබව බාවිත් වන අතර මෙම කර්මාන්තයේදි යොදාගන්නා ඇතැම් සත්ව විශේෂ වලට වැලදෙන රෝග තත්වයන් වෙඩිතලතිව් ආශ්‍රිත ස්වබාවිකව වෙසෙන සාගර ජිවින්ට බෝවිමේ අවදානම දැඩව පවති.
තවද නොගැඹුරු මුහුදු කලාපයේ මත්ෂ්‍ය අබිජනන බුමි විනාශවිම මගින් මන්නාරම මෙන්ම යාපනය ආශ්‍රිත ධිවර ප්‍රජාව වෙත ලැබෙන මත්ෂ්‍ය අස්වැන්න තිරනාත්මකලෙස අඩුවිමටද බලපැහැකිය.
තවද යම් ආකාරයකින් ඉහතකි සාගර ස්වබාව රක්ෂිතය බදු රක්ෂිතයක කොටසක රක්ෂිතභාවය ඉවත්කරන්නේ නම් 1937 අංක දෙක දරන වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනතහි දෙවන පර්ච්චේදය අනුව සුදුසුකම් ලත් පරිසර විශේෂඥයින් විසින් පරිසරපද්ධති මය ඇගයිමක්(ecological assessment) සිදුකොට නිර්දේශ ලබාදි තිබිය යුතවන නමුදු පවිත්‍රාදේවි අමාත්‍යවරිය මෙම හදිසි ගැසට්ටුව ප්‍රකාශයට පත්කරන්නෙ ඒවැනි කිසිදු විද්‍යාත්මක ක්‍රමවේයක් අනුගමනය කරමින් නොවිමද සැලකිල්ලට ලක්කල යුතු කරුනකි.