වසර 14ක් PTA යටතේ රඳවා සිටි දේශපාලන සිරකරුන් තිදෙනෙකුට නිදහස

වසර 14ක කාලයක් පුරා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) යටතේ රඳවාගෙන සිටි දෙමළ දේශපාලන සිරකරුවන් තිදෙනෙකු ඊයේ දිනයේ (03) වවුනියාව මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.

ඊ.තිරුවරුල් (45) සහ එම්.සුලක්ෂන් (34) යාපනයේ වේලනෙයි සහ කරවෙඩ්ඩි ප්‍රදේශවලින් 2009 වර්ෂයේදී අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගත්තා. මුලතිව් මුල්ලියාවලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සුලක්ෂන් සහ තිරුවරුල් සමඟ 2009 මැයි මාසයේදී කේ. දර්ශන් ද (33) අත්අඩංගුවට ගෙන රඳවා තබා ගන්නේ ‘රජයට එරෙහි කුමන්ත්‍රණ’ චෝදනා එල්ල කරමින්.

කෙසේ වෙතත්, මෙම චෝදනා සනාථ කිරීමට රජයට නොහැකි වූ බැවින්, වවුනියාව මහාධිකරණයේදී විනිසුරු එම්. ඉලංචෙජියන් විසින් මෙම තිදෙනාම නිදොස් කොට නිදහස් කළ බව මෙම දේශපාලන සිරකරුවන් තිදෙනා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ඇන්ටන් පුනේතනායගම් ප්‍රකාශ කළා.

අවුරුදු 14ක්…. ඔවුන්ගේ ජීවිතයේ නැවත නොලැබෙන දින 5100කට වැඩි කාලයක්. මේ සියල්ල අමානුෂික, කුරිරු ප්‍රචණ්ඩකාරී රාජ්‍යයක් අතේ ඇති නින්දිත නීතියක් නිසා. ත්‍රස්තවාදී නීතියකින් කිසිඳු යහපතක් සිදු නොවන බවත්, ඒවා පවතින්නේ රාජ්‍යය ආරක්ෂා කිරීමට සහ රාජ්‍ය ත්‍රස්තවාදය සාධාරණීකරණය කිරීමට පමණක් බව ඔප්පු කිරීමට අපට තවත් සාක්ෂි අවශ්‍ය ද?

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...