Breaking News

බදුර්දීන් සිටින තැන පිළිබඳව හෝඩුවාවක් ?

සමන්සිරි හේරත්

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා ඇතුළු වත්මන් පාලනය පාස්කු කොමිසම පත් කරනු ලැබුවා. දැන් විවිද පුද්ගලයන්ගෙන්  කට උත්තර ලබා ගනිමින් මේ ප්‍රහාරය සිද්ධ වුණු ආකාරය  විමර්ශනය කරමින් වැරදිකරු කවුද යන්න හොයමින් ඉන්නවා. පාස්කු ප්‍රහාරයේ අවසාන වෙලා අපි මැතිවරණ දෙකකට මුහුණ දුන්නා. එකක් ජනාධිපතිවරණය. අනික පාර්ලිමේන්තු මහ මැතිවරණය.  අද ජනාධිපති වෙලා ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ. අද ආණ්ඩු පක්ෂයේ වාඩි වෙලා ඉන්නේ මහින්ද රාජපක්ෂ ඇතුළු ඔහුගේ කණ්ඩායම. අපි නැවත හැරෙමු මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය දෙසට.

අපි හැමදාම කියන කාරණයක් තමයි මේ ලංකාව පාලනය කරපු හැම එකාම තක්කඩින්,  රට පාලනය කරන්නේ රටේ දියුණුවට හෝ ජනතාවගේ සුබසිද්ධිය නෙවෙයි  උන්ගේ සුබසිද්ධියට කියලා. මෛත්‍රී  ජනාධිපති වෙලා රටටම විහිලු සැපයුව කියලත් අපි දන්නවා.  රනිල් අලි බබාගේ ජවනිකාව රඟපාල  මහ බැංකුවට  කොල්ල කන්න ඉඩ දුන්න කියලාත්  අපි දන්නවා.  ඉතින් මේ ඔක්කොම අස්සේ මේ හැම දේශපාලකයෙක් ම කතා කරන විශේෂයෙන්ම ගෝඨාභය සහ මහින්ද ඇතුළු මේ කණ්ඩායම කතා කරන ජාතික ආරක්ෂාව කියන එක  (අපි වරහන් ඇතුලට දාමු ලංකාවෙ කියලා)  ඕක පොදු මහජනතාව වෙනුවෙන් තියෙන එකක් නම් නෙවෙයි කියන තැනට අපිට ඕන තරම් උදාහරණ ගෙනත් පෙන්නන්න පුළුවන්.

අපි උපකල්පනය කරමු පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්නෙ ජාතික ආරක්ෂාව රනිල් සහ මෛත්‍රී ගේ ආණ්ඩුවෙන්  නොසලකා හැරීම හේතුවෙන් කියලා.  මොවුන්ගේ මේ නොසැලකිල්ල නිසා ජීවිතෙන් වන්දි ගෙව්වේ ලංකාවේ සාමාන්‍ය මිනිස්සු .  මේ අන්තවාදී ප්‍රහාරයෙන් මිය ගිය මිනිසුන්ට යම් සාධාරණයක් ඉෂ්ට වෙන්න නම් මෙහි වැරදිකරුවන් තරාතිරම නොබලා සොයා දඬුවම් දෙන්න ඕනේ. ඉහත කතා කරපු මැතිවරණ දෙකේදීම ගෝඨාභය සහ මහින්ද ඇතුළු කණ්ඩායම් ප්‍රකාශ කළේ  මෛත්‍රී රනිල් ආණ්ඩුව ජාතික ආරක්ෂාව හීන කරපු නිසා  පාස්කු ප්‍රහාරය සිදු වුණා  ඒ නිසා  වුන් රාජ්‍ය බලය හොබවන අවස්ථාව පැමිණි විට ජාතික ආරක්ෂාව තර කරනවා   ඒ නිර්මාණය කරන ජාතික ආරක්ෂා වළල්ලෙන් සැඟවී කිසිවක් කරන්න  කිසිවෙකුටත් බැරි වෙයි කියලා. රටේ මිනිස්සු එකේ එහෙම වෙයි කියලා හිතුවා ද? නැද්ද? කියලා අපි දන්නෑ.  මැතිවරණ දෙකේදීම මේ තක්කඩි කතා අහලා රටේ මිනිස්සු ඡන්දය දුන්නා.

මං දැන් කතාව කෙටි කරනවා.

බදුර්දීන් කරලා තියෙන දේ හරිද? වැරදිද? කියන එක පැත්තකින් තියලා බදුර්දීන් අත්අඩංගුවට ගන්ඩ යන එක හරිද? වැරදිද? කියලා පැත්තකින් තියලා අපි දැන් යමු බදුර්දීන් ගාවට. .  මේ කතා කරන්නේ බදුර්දීන්ව තවමත් පොලිසියට හොයාගන්න බැරිව ගියේ එකේ සෙප්පඩ විජ්ජාව ගැන.  ගෝඨාභය තමයි  රක්ෂක අමාත්‍යාංශය  හිමිකරුවා.  ගෝඨාභයගේ හොඳම ගෝලයා තමයි  ආරක්ෂක  ලේකම්වරයා .  ඒවගේම බඩුවක් තමයි  යුද හමුදාපතිවරයා.  බොහෝ ආයතන වල ලේකම්වරු පිළිබඳව හොයලා බලපුවාම මේ හුගාක් අය හමුදාවේ  හිටපු අය . එතකොට ගෝඨාභයගේ වැඩිම විශ්වාසය දිනා ගත්තු පුද්ගලයා බවට පත්වෙලා තිබෙන්නේ තමන් එක්ක හමුදාවේ සේවය කරපු පුද්ගලයන්.

දැන් කතාව ආයෙ කෙටි කරනවා.

මලහත්තිලව්වයි දැන් දවස් පහක්  ගිහින් තියෙනවා බදුර්දීන්ව අල්ලන්ඩ පොලිස් කණ්ඩායම් හයක් යොදවලා.  තාම බදුර්දීන් ඉන්න තැනක් හොයාගන්න බැරි වෙලා.  ඉතින් දැන් අපිට බය හිතෙන්න ඕනේ රටේ ජාතික ආරක්ෂාව කොයිතරම් බෙලහීන ද කියලා .බදුර්දීන් අල්ලගන්න බැරි මිනිස්සු කොහොමද තවත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන්න තියෙනවා නම් ඒක පිළිබඳව තොරතුරු හොයාගන්නේ . මේ කියන කාරණා වලින් පැහැදිලි වෙන්නේ ගෝඨාභය මරා අසාර්ථකයි කියන එක. ගෝඨාභයට තමන්ගේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තියෙන පොලිසියට බැරිවෙලා තිබෙනවා දේශපාලකයෙක් වන බදුරුදීන් හොයාගන්න, ඔහු ඉන්න තැනකින් අල්ලගන්න.

මේ කතාවට වෙන කතාවක්  අමුනනවා,

සාමාන්‍ය ජනතාවට වැටහෙන්න ඕන කාරණයක් තමයි  බදුර්දීන්ලා  වගේ පාර්ලිමේන්තුව නියෝජනය කරන එහෙම නැත්නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ ළඟම ඥාති කම් පවත්වන උදවිය අල්ලන්න නියෝග ලැබුණට  පස්සේ තමයි අපිට ඇත්තටම ලංකාවේ ආරක්ෂාව පිළිබඳව නැත්නම් පොලිසියේ කාර්යක්ෂමතාවය පිළිබඳව තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ. පහුගිය ආණ්ඩුව කාලේ රවී කරුණානායක අල්ලන්න මේ විදිහටම මාර කට්ටක් කන්න සිද්ධ උනා පොලිසියට, හැබැයි රවී අත්අඩංගුවට ගන්න බැරි වුණා. ඒ විදිහටම දැන් බදුර්දීන්ව අත්අඩංගුවට ගන්න. ඉතින් මේකෙන් පෙන්නුම් කරන්නේ මොකක්ද ලංකාවේ පොලිසිය මේ දේශපාලකයන් ඉදිරියේ මාර   අසාර්ථකයි කියන එක.

 එදා වේල හොයාගෙන කන සාමාන්‍ය මිනිහෙක් පොල් ගෙඩියක් හොරකම් කරලා පොඩ්ඩක් එහාට මෙහාට වෙලා හිටියනම් දඩාස් ගාල අල්ලගන්න මේ පොලිසියට  බදුර්දීන් වගේ මිනිහෙක් ගන්න බෑ තාමත් හොයනවා.

 ඉතින් මේ කතාව දැන් අවසන් කරනවා.

 අපි නං කියන්නේ මේ නරිනාටක බලන රටේ ජනතාව පව් කියලා.

ඒ උනත් අපි කියනවා අපි මේවා කියන්නේ කට කහනවට නෙමෙයි කියලා,  ඒ විතරක් නෙමෙයි හැමදාම ඔබ තල වපුරලා  බලාපොරොත්තු වෙන්නේ කුරහන් නම්  ?????????????????   මේ මොන පාලනයක් යටතේ වුව බදුරුදීන් ලා වැරදි කලත්  නිදහස් මිනිසුන් ය.

leave a reply