ඉරට පොළවට නැති නීති

වෘකයින්ට ඕනෙ දඩයමේ යන්න
කොරෝනා ඝණ අන්ධකාරය
දඩයමේ යන්න කියාපු කාලය
පච හල හලා යන මී හරක්
කැළේ දෙබෑ කර
පාරවල් හදනව වෘකයන්ට
හැබැයි වෘකයො අල්ලන්නෙම හාවුන්ව
වෛරස් වගේ තමයි මේවත්
පුංචි තැනකින් දෙකකින් පටන් ගන්නෙ
පටන් ගන්න තැන්වලම
නවත්ත ගත්තෙ නැත්තන්
අපේ අදහස් වලටත් වැටේවි ඇදිරි නීතිය
දේශපාලන ඔට්ටු සෙල්ලන් වලට
වෙලාව නෙමෙයි මහත්තයො මේක
ඉරට පොළවට නැති නීති
මොකටද ෆේස් බුක් එකේ
පෝස්ට් එකක් දාපු කොල්ලෙක්ට

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...