Breaking News

නොපවත්වන විවාදයට දින නියම වෙයි

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගයා අතර පැවැත්වීමට නියමිත විවාද දෙක පිළිබඳව උණුසුමක් පැවතියත් මේ විවාද දෙක සම්බන්ධයෙන් දෙපාර්ශ්වය විවේචන එල්ල කර ගැනීමත් ඒ සඳහා දින වෙන් කර ගැනීම සලකා බලා එය  නොකෙරෙන විවාදයක් ලෙස අර්ථකථනය වුණා. එක් අවස්ථාවකදී ජාතික ජන බලවේගය විසින් දින කීපයක් යෝජනා කළ අතර ඒවා  සමගි ජන බලවේගය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඉන් අනතුරුව ජාතික ජන බලවේගයේ යෝජනාවකට අනුව සමගි ජන බලවේගය විසින් දිනමාලා දෙයක් යොමු කර තිබුණා. දැන් ඉන් එක් දිනයක් නායකයන් දෙදෙනා අතර සංවාදයට තෝරාගෙන ප්‍රකාශයට පත් කර තියනව. සමගි ජන බලවේගය ප්‍රකාශ කරන්නේ මුලින්ම ආර්ථික කවුන්සිල් අතර විවාදය පැවැත්විය යුතු බවත් දින වෙන් කර ගැනීමේදී මේ විවාද දෙකටම අදාළව දින වෙන් කරගත යුතු බවයි. මේ පිළිබඳව අදහස් දක්වමින් ජාතික ජන බලවේගය ප්‍රකාශ කර සිටියේ ජුනි 6 වනදා විවාදයට අදාළ කරන කටයුතු සම්පාදනය නොවුනොත් එතනින් එහා කිසිදු විවාදයකට ඔවුන් සහභාගි නොවන බවයි.

ඉතින් නොකෙරෙන විවාදයට දින යෝජනා වී තිබුනද මේ විවාදය  නොපැවැත්වෙන බව ස්ථිරයි.

එසේ වීමට හේතු මොනවාද යන්න විවර අපි මීට කලින් ලිපියකදී පැහැදිලිව සඳහන් කරනු ලැබුවා.

ඇයි මේ විවාද දෙක නොපැවැත්වෙන්නේ. ඇයි දෙපාර්ශවය විවාද දෙකක් යෝජනා කරන්න.

ඒ පිළිබඳව පැහැදිලි කිරීමයි මේ 

විවාදය පිළිබඳ දෙපාර්ශවයේ සංවාදය ඕනෑවටත් වඩා දුරදිග ගොස් ඇති බවකි පෙනෙන්නට තියෙන්නේ. විවාදය පිළිබඳ සංවාදය දුර යෑමෙන්ම පෙනී යන්නේ මේ විවාදය පවත්වන්නට දෙපාර්ශවයම දක්වන අකමැත්තයි. සජිත් පාර්ශ්වය ආර්ථික කමිටු සමඟ සංවාද යෝජනා කරන විට ජාතික ජන බලවේගයේ අනුර පාර්ශ්වය යෝජනා කරන්නේ නායකයන් දෙදෙනා අතර සංවාදයකි. මේ යෝජනා දෙක ලිහා බැලුවොත් අපට සොයාගන්න පුළුවන් මේ අයගේ නිරුවත හෙළිවෙන ආකාරය පිළිබඳ. පාර්ශව දෙකම එක සංවාදයක් ප්‍රකාශ කරනවා වෙනුවට සංවාද දෙකක් යෝජනා කරන්නේ එකිනෙකා තම තමන්ගේ නිරුවත හෙළිවීම වළක්වා ගැනීමට තමන්ට වාසි වෙන සංවාදය අපේක්ෂාවෙන් සිටින නිසයි.

අනුර සහ සජිත් අතර සංවාදයේදී විය හැක්කේ කුමක්දැයි අපි මුලින්ම සරලව විමසා බලමු.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට රූපවාහිනි මාධ්‍යයක් ඉස්සරහ මාධ්‍යවේදීන් සජීවීව නගන ප්‍රශ්න වලට පැකිලීමකින් තොරව පිළිතුරු දීමේ හැකියාවක් තියනවා. ඔහු නිතරම මාධ්‍ය තුළ සංවාදවල පෙනී සිටිමින් අදහස් දක්වන නායකයෙක් . ඔහු දක්වන අදහස් සත්‍යද අසත්‍යද මාධ්‍යවේදියා නගන පැනයට අදාළ පිළිතුරු ලබා දෙනවාද නැද්ද කියන එක වෙනම කාරණයක් වුවත් ඔහු මාධ්‍යවේදියෙක් ඉස්සරහ අවම නා ගැනීමකින් පිළිතුරු දීමේ දක්ෂතාවය තියෙන දේශපාලන චරිතයක් .

රූපවාහිනී තුළ සජීවී දේශපාලන සංවාද වල සජිත් ප්‍රේමදාස සිටිනවාද නැද්ද

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඔබට මතක ඇති කාලෙක රූපවාහිනි සංවාදයකට සහභාගි වෙච්ච පුද්ගලයෙක්ද? සජිත් සහ අනුර අතර පැවැත්වීමට යෝජනා වී තිබෙන සංවාදය සුළුපටු සංවාදයක් නෙමෙයි. ඉදිරි මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් රට භාරගෙන නායකයන් හැටියට මේ රට සංවර්ධිත රටක් කරා මෙහෙයවන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි මේ සංවාදයේදී කතාබහ වීමට නියමිත . වේදිකාවල තනියම කට පාඩම් කළ කතා කර පුරුදු සජිත් මේ වගේ රූපවාහිනී සංවාදයක ඇන ගැනීමට තියන ඉඩකඩ ඉතාමත් වැඩියි . ඒකට හේතුව ඔහු කිසිවිටක තනියම මාධ්‍යවේදියෙක් සමග සජීවී මාධ්‍ය සංවාදවලට සහභාගී වන පුද්ගලයෙක් නෙවීමයි. එසේනම් නායකයන් දෙපළ අතර සංවාදයට සජිත් පාර්ශවය මැළි වන්නේ ඇයිද කියන කාරණාව පිළිබඳව අපට යම් පැහැදිලි තාවයක් නිර්මාණය වෙනවා.

මැතිවරණයක් කටේ තියාගෙන මාධ්‍යවේදීන් නගන හරස් ප්‍රශ්න වලට නිවැරදි ඉලක්කයකට පිළිතුරු සපයන්න බැරි වුණොත් තමන්ගේ ඡන්ද පදනමට වෙන හානිය පිළිබඳව සජිත් තක්සේරු කර මේ සංවාදය මගහැර යන්න උත්සහ දරන බව අපට නිගමනය කරන්න පුළුවන් .

සජිත් පිළිබඳ මේ තක්සේරුව තියෙන අනුර කුමාර දිසානායක පාර්ශවය මුලින්ම නායකයන් දෙදෙනා අතර සංවාදය යෝජනා කරන්නේ ම තමන්ට වැඩි වාසියක් තියෙන පිටියේ තරග කිරීමට තියෙන ආසාව නිසායි.

එසේ ගත් කල නායකයන් දෙදෙනා අතර සංවාදයට ඉඩක් නොමැති බව ඔබට වැටහෙනවා ඇති.

දැන් අපි මේ කියන ආර්ථික කමිටු දෙක අතර සංවාදය නොකෙරෙන්නට බලපාන හේතු මොනවාද කියලා විමසා බලමු.

සජිත් ප්‍රේමදාස පාර්ශවය වඩා කැමැත්තක් දක්වන්නේ මේ ආර්ථික කමිටු දෙක අතර සංවාදය පවත්වන්නයි. නායකයන් දෙදෙනා අතර සංවාදයට වගේම සජිත් පාර්ශවය යෝජනා කරන්නේ මේ ආර්ථික කමිටු දෙක අතර පවත්වන සංවාදයටත් දිනයක් යෝජනා කරගන්න ඕන බවයි. ඒ හෙයින් පැහැදිලි වන්නේ සජිත් පාර්ශවය වඩාත් සතුටුදායක ආර්ථික සංවාදයට බවයි.

ඇයි සජිත් පාර්ශවය ආර්ථික කමිටු දෙක අතර සංවාදයට මේ තරම්ම කැමැත්තක් දක්වන්නේ?

විසඳගන්න බැරි ලොකු උපතෝ කෝටික පැනයක් නෙමෙයි. මොකද සජිත් කියන්නේ රනිල්ගෙන් බිඳී ආ රනිල්ගේ එක්සත් ජාතික පක්ෂයේ ආභාෂය තියෙන, රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තියම අනුගමනය කරන, එක්සත් ජාතික පක්ෂයේ ඇමීබා පැටියෙක්. ඉතින් මාධ්‍යවේදියෙක් මේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව අහන ප්‍රශ්න වලට සජිත් පාර්ශවයට දෙන්න මහා ලොකු උත්තර නැහැ. මේ තියෙන ආර්ථික ප්‍රතිපත්තියම රනිල් වික්‍රමසිංහ පවත්වාගෙන යන ආර්ථික ප්‍රතිපත්තියම චන්ද්‍රිකා විවෘත ආර්ථිකයට මානුෂීය මුහුණුවරක් දෙනවා කිව්වා වගේ මේකේ තියෙන නරක කෑලි ටික ඉවත් කරලා ඔවුන් හිතන ආකාරයේ ප්‍රගතිශීලී යැයි කියන කෑලි ටිකක් එකතු කරලා IMF පිහිටත් ලබාගෙන ආර්ථිකය ඉස්සරහට අරගෙන යනවා කියලා කියන්න ඔවුන්ට ලැජ්ජා බයක් චකිතයක් නැහැ. ඒ නිසා සජිත් පාර්ශවය ආර්ථික කවුරුන්සිල දෙක අතර සාකච්ඡාවට කැමතියි.

එතකොට ජාතික ජන බලවේගයේ අනුර මේ සාකච්ඡාවට ඇඹරෙන්නේ ඇයි.

ඒකට ප්‍රධානම හේතුව තමයි අනුර පාර්ශ්වයට මේ වන විට ආර්ථික ප්‍රතිපත්තියක් පිළිබඳව නිශ්චිත අදහසක් කියාගන්න බැරිකම. අනුරගේ ආර්ථික කමිටුව ප්‍රකාශ කළොත් අපි රාජ්‍ය බලය ලබා ගත්තායින් පසුව රට තුළ නිර්මාණය කරන්නේ සමාජවාදී ආර්ථික ප්‍රතිපත්තියක් කියලා ජාතික ජන බලවේගය පිළිබඳ විශ්වාසය තබාගෙන සිටින හැබැයි සමාජවාදයට අකමැති පිරිස් ඔවුන්ගෙන් ගිලිහෙනවා. එහෙම නැත්නම් අනුරගේ ආර්ථික කවුන්සිලය කිව්වොත් අපි බලය ලබාගත් පසු ඉදිරියට පවත්වාගෙන යන්නේ මේ ධනවාදී ආර්ථික ක්‍රමයම මානුෂීය මුහුණුවරකින් කියලා අනුරට අහිමිවෙනවා ජනතා විමුක්ති පෙරමුණේ සහ ප්‍රගතිශීලී වාමාංශික අදහස් දරන සමාජවාදී ආර්ථික ප්‍රතිපත්තියක් සමාජවාදී දැක්මක් සහිත රාජ්‍ය ප්‍රතිපත්තියක් කෙරෙහි විශ්වාසය තියාගෙන ඉන්න සාමාජිකයා.

ජාතික ජන බලවේගය මැතිවරණය ඔන්න මෙන්න කියා තිබෙන මේ මොහොතේදී තමන්ගේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව කතා කරන්න ප්‍රසිද්ධ රූපවාහිනී සංවාදයකට පැමිණියහොත් ඔවුන්ට දේශපාලනික වශයෙන් හානි සිදුවීමට පවතින ඉඩකඩ වැඩියි. මේ නිසාම අනුර ප්‍රමුඛ කණ්ඩායම ආර්ථික කවුන්සිල දෙක අතර සංවාදය නොපවත්වා ඉන්නට වෙහෙස වීම අරුමයක් නෙමෙයි. තනි තනි සංවාදවලදී ආර්ථිකය පිළිබඳ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ නගන ප්‍රශ්න වලට ඔවුන්ට උත්තර දෙන්න හැකියාව ලැබුණත් සජීවී රටම බලාගෙන ඉන්න මොහොතක කෙරෙන සංවාදයක් තුළ ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පවත්වාගෙන යන ආර්ථික ප්‍රතිපත්තිය රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායම පවත්වාගෙන යන ආර්ථික ප්‍රතිපත්තියට වඩා වෙනස් එකක්, මෙන්න මේකයි කියලා නිවැරදිවම ඔවුන්ට කියාගන්න බැහැ. එනිසා මේ කමිටු දෙක අතර සංවාදය නොපවත්වන්නට අවශ්‍ය කරන වටපිටාව ජාතික ජන බලවේගය පාර්ශවයෙන් නිර්මාණය වීම හොඳින් සිදුවිය හැකි කරුණක් .

ජාතික ජන බලවේග පාර්ශවය නිතරම කලින් එන්නේ ජනාධිපතිවරණය ඒ නිසා ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා අතර සංවාදය ආර්ථික කමිටු සංවාදයට වඩා වැදගත් යැයි පවසන්නේ ද මේ කරුණ මතම හිඳිමින්.

කෙසේ වෙතත් අනුර කුමාර දිසානායක පාර්ශවය මේ වන විට සමගි ජන බලවේගයට මැයි මාසෙ 20 වෙනිදා දක්වා කැමැති ඕනෑම දිනයක් යෝජනා කරන්න කියා කැමැත්ත ලබාදී තියෙනවා. දෙපාර්ශ්වයටම නතාව වෙනුවෙන් තමන්ගේ ප්‍රතිපත්තිමය කරුණු හෙළිදරව් කරන්න උවමනාවක් තිබේ නම් මේ සාකච්ඡා සඳහා අවස්ථාව ලබා දෙන්න බොහෝ නාලිකා කැමැත්ත පළ කර තිබේ.. ඊට අදාළ පසුබිම් නිර්මාණය කරන්නත් සමහර උදවිය සූදානමින් සිටී. කෙසේ වෙතත් සංවාදය පිළිබඳ ගැටළුව නිර්මාණය කරගත් මේ දෙපාර්ශවයේ එකඟතාවය තවමත් මේ සඳහා යොමුවී නොතිබීම හරහා සංවාදය සිදු වේවි ද කියන පැනය මාජය හමුවේ ඉතිරි වී පවතිනවා.

leave a reply