Breaking News

බර්ලින් රිය අනතුර  චේතනාත්මකව සිද්ධ කළ එකක්ද ?

අද  ඉරිදා උදෑසන 7.20 ට බර්ලිනයේ චාර්ලටන්බර්ග්  ප්‍රදේශයේ   භූගත දුම්රිය ස්ථානයක්  අසල  24 හැවිරිදි තරුණයෙකු විසින් රිය අනතුරක් සිදු කර ඇත.  ඒය සාමාන්‍ය රිය අනතුරක් නොව හිතාමතාම ජනතාව දෙසට  රථය ධාවනය කර අනතුරු සිදු කිරීමක් බවට සැකයක් ඇතැයි පොලිසිය පවසනවා . තුවාල ලැබූවන්ගෙන් සමහරෙකුගේ තත්වය බරපතල විය හැකි බව ගිනි නිවන භටයෝ වාර්තා කරති බේ . වාහනයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ක්‍රියාව සඳහා හේතුව සොයා බලමින් සිටියි .  අනතුර සිදු කිරීමට හේතුව දේශපාලන හෝ ත්‍රස්තවාදී චේතනාවක්  දැයි සැක කළත්  මෙතෙක් සිදු කළ පරීක්ෂණ වලින් ඒ බවක් හෙළිදරව් වී නොමැති  බව ආරක්ෂක අංශ ප්‍රකාශ කරනවා .

කෙසේ වෙතත් මෙම අනතුරෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළ බවට පුවත් වාර්තා වෙනවා.

leave a reply