පලස්තීනයට එරෙහි යුද්ධය නවතනු – ඒකාබද්ධ විරෝධතාව

පලස්තීන – ඊශ්‍රායල් යුද ගැටුම හා විශේෂයෙන් සිවිල් ජනයා ඝාතනය කිරීම සම්බන්ධ විරෝධය දක්වමින් ජන අරගල ව්‍යාපාරය කැඳවූ ඒකාබද්ධ විරෝධතාවයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහභාගි විය. වමේ සංවිධාන හා දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් ක්‍රියාකාරින් විශාල පිරිසක් සහභාගි වූ මෙම විරෝධතාවයේ ඡායාරූප සහ වාර්තාවක් මේ සමග එවමු.

පලස්තීනයට එරෙහි යුද්ධය වහා නවතනු!
ඇමෙරිකානු-ඊශ්‍රායල ලේ පිපාසිත යුධකාමය හෙලා දකිමු!
ඊශ්‍රායල්-පලස්තීන සිවිල් වැසියන් ඝාතනය හෙලා දකිමු!
නිදහස් පලස්තීනය පිළිගනු!

යන තේමාවන් ඔස්සේ ජන අරගල ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද ඒකාබද්ධ උද්ඝෝෂණයක් ඊයේ (16) සවස කොළඹ, තුම්මුල්ල හන්දියේ එක්සත් ජාතීන්ගේ කාර්‍යාලය ඉදිරිපිට පැවැත්විණි. දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන සහ සමාජ ක්‍රියාකාරීන් ගණනාවක් සහභාගී වූ එම උද්ඝෝෂණයේදී ජනඝාතක යුද්ධයක් ඇතිවීම සහ පලස්තීනය ආක්‍රමණය කිරීම වැලැක්වීමට වහාම මැදිහත් වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටින ලදී.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...