පලස්තීනයට එරෙහි යුද්ධය නවතනු – ඒකාබද්ධ විරෝධතාව

පලස්තීන – ඊශ්‍රායල් යුද ගැටුම හා විශේෂයෙන් සිවිල් ජනයා ඝාතනය කිරීම සම්බන්ධ විරෝධය දක්වමින් ජන අරගල ව්‍යාපාරය කැඳවූ ඒකාබද්ධ විරෝධතාවයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහභාගි විය. වමේ සංවිධාන හා දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් ක්‍රියාකාරින් විශාල පිරිසක් සහභාගි වූ මෙම විරෝධතාවයේ ඡායාරූප සහ වාර්තාවක් මේ සමග එවමු.

පලස්තීනයට එරෙහි යුද්ධය වහා නවතනු!
ඇමෙරිකානු-ඊශ්‍රායල ලේ පිපාසිත යුධකාමය හෙලා දකිමු!
ඊශ්‍රායල්-පලස්තීන සිවිල් වැසියන් ඝාතනය හෙලා දකිමු!
නිදහස් පලස්තීනය පිළිගනු!

යන තේමාවන් ඔස්සේ ජන අරගල ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද ඒකාබද්ධ උද්ඝෝෂණයක් ඊයේ (16) සවස කොළඹ, තුම්මුල්ල හන්දියේ එක්සත් ජාතීන්ගේ කාර්‍යාලය ඉදිරිපිට පැවැත්විණි. දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන සහ සමාජ ක්‍රියාකාරීන් ගණනාවක් සහභාගී වූ එම උද්ඝෝෂණයේදී ජනඝාතක යුද්ධයක් ඇතිවීම සහ පලස්තීනය ආක්‍රමණය කිරීම වැලැක්වීමට වහාම මැදිහත් වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටින ලදී.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...