නටපු නැටුමකුත් නැති බෙරේ පලුවකුත් නැති ‘පොහොර අර්බුදය’

වී සහ එළවළු සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ , පොහොර ආනයනය සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශයන් පිළිබඳව හෙට (22) දිනයේ කරුණු සොයා බැලීමට කටයුතු කරන බවය.

මේ අතර වී, බඩ ඉරිඟු, එළවළු සහ වැවිලි කර්මාන්තයට අවශ්‍ය ශාක පෝෂක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ සඳහන් කළේ, නිසි ප්‍රමිතියකින් යුත් අවසරලත් ශාක පෝෂක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය මෙලෙස ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවය.

මහ කන්නයේ අස්වැන්න අඩුවීම තුළින් සිදුවිය හැකි ආහාර ගැටලුව විසඳීමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බව මහාචාර්ය උදිත් කේ.ජයසිංහ මහතා සඳහන් කළේය.

ආනයනය කරනු ලබන පොහොර වර්ග සහ කෘෂි රසායනික ද්‍රව්‍ය පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යංශයේ අනුමැතිය හිමිවිය යුතු බවද අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේය.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සඳහන් කළේ පොහොර ආනයනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා සමග හෙට පැවැත්වීමට නියමිතව ඇති බවය.

“හෙට උදේ 10.30 ට ජනාධිපතිවරයා සමග අපි විශේෂ සාකච්ජාවක් පවත්වනවා. තුන්වෙන කාණ්ඩයේ 4 වන කාණ්ඩයේ අවශ්‍ය පොහොර ලංකාවට ආනයනය කිරීම සඳහා අවසරය ලබාගැනීම සඳහා. මොකද එක පාරට කාබනිකව විසඳුම් ලබාදෙන්න ගියොත් විශේෂයෙන් වල්නාශක, කෘමිනාශක හා දිලීර නාශකවලදී අපට අවශ්‍ය වෙනවා යම්කිසි සහයෝගයක්. පළමු කන්නයට හෝ කන්න දෙකකට යනකල්. ඒවට අපි අවසරය ගන්න බලාපොරොත්තු වෙනවා. කාබනික වගාවට එකපාරට යන්න බෑ. කන්න තුනක් ඇතුළත දී 100%ක් කාබනික වගාවට යන්න බලාපොරොත්තු වෙනවා.”

කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ආනයනය තහනම් කිරීම සිදුවුණේ පසුගිය අප්‍රේල් මස 27 වැනිදා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුවය.

ඒ අනුව හඳුනාගත් රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ගනයට ගැනෙන භාණ්ඩ ආනයනය තහනම් කරමින් පසුගිය මැයි 06 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රජය ගැසට් පත්‍රයක්ද නිකුත් කරන ලදී.

කාබනික වගාවන් ප්‍රචලිත කරන බව පවසමින් රජය කාබනික පොහොර වර්ග ආනයනයටද විශාල මුදලක් වෙන් කරන ලදී. දැන් නැවතත් රසායනික පොහොර ආනයනය කිරීමට තීරණය කර ඇති බව පෙනේ. රජය රසායනික පොහොර ගෙන්වීම නැවත්වීමට බලපෑ සත්‍ය හේතුව නම් රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ඩොලර් හිඟ වීමයි. නමුත් දැන් පෙනෙන්නට තිබෙන්නේ ආණ්ඩුව කාබනික පොහොර ගෙන්වීමට වැයවන මුදලටත් වඩා වැඩි මුදලක් පොහොර අර්බුදය නිසා වැයකරමින් සිටින බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...