Breaking News

ජනතාවට පුළුවන් කෙහෙළිය ඉන්න ළඟින්ම කාමරයක් වීසා මගඩියේ මහා මොලකරුටත් වෙන්කරදෙන්න 

අද පාර්ලිමේන්තුවේදී මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා වරප්‍රසාද කඩවීමක් පිළිබඳව චෝදනාවක් ඉදිරිපත් කෙරුවා .

මොකක්ද මේ වරප්‍රසාද කඩවීමට බලපෑ කරුණ 

ආරක්ෂක ඇමති  ටිරාන් අලස් ගේ මැදිහත්වීමෙන් GBS හා IVS යන ඉන්දියානු වීසා සමාගම් දෙකට ලංකාවට පැමිණෙන සංචාරකයන්ට වීසා ලබා දීමට බලය ලබාදීම පිළිබඳව ආන්දෝලනාත්මක සිදුවීමක් පසුගියදා අනාවරණය වුණා . . මෙ සිද්ධිය පිළිබඳව අනාවරණය වීමෙන් පසුව මාධ්‍ය හමුවක් කැඳවා ටිරාන් අලස් ගැලවීමට කරුණු ඉදිරිපත් කරන්නට යද්දී ඒක ඇතුළෙම ඔවුන්ව හිරවෙච්ච බව  පසුව තේරුම් යන විට  ජනතාව ගනුදෙනුවේ ඇති නීති විරෝධී කම හෙළිදරව් කරගත්තා .  කෙසේ වෙතත් මේ පිළිබඳව දැඩි කතාබහක් සමාජය තුළ ගොඩනැගෙන විට පාර්ලිමේන්තු මුදල් කාරක සභාව වෙත ඒ පිළිබඳව කරුණු විමසන්නට ඊට අදාළ පුද්ගලයන්ව කැඳවන්නට සිද්ධ වෙනවා . මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ව පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට පෙර කළ කැඳවීම තුළන් ඇතිකරගත් එකඟතා මත අද (මැයි14)  දිනයේදී ද ඔවුන් එහි පෙනී සිටිය යුතුව තිබුණා . .

නමුත් මේ  නිලධාරින් අද දිනයේ පෙනී සිටීම මගහැර තිබුණේ 2016 තම කාර්යාලය මාරු කරන විට අස්ථානගත වූ ලිපිගොනු සොයා ගැනීමට නොහැකි වූ බව පවසයි . ඒ  දැනුම් දීම කරලා තියෙන්නේ මැයි මාසෙ දහතුන් වෙනිදා රාත්‍රියේ .

මුදල් කාරක සභාවට පැමිණීම ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් යොදාගත් හේතුව  ලංකාවට පැමිණෙන විදේශිකයන්ට GBS හා IVS යන ඉන්දියානු වීසා සමාගම් වලට  වීසා ලබා  දීමට දුන් අවසරය සමඟ ගැලපෙන්නේ කොහොමද? 

ඉන් කියවෙන්නේ මේ ගනුදෙනුව 2016 දක්වා දිව යන එකක් බවද?

මේ  ආකාරයෙන් අපිට ඒ පිළිබඳව ප්‍රශ්න ගණනාවක් නිර්මාණය කර ගැනීමට පුළුවන්. කෙසේ වෙතත් මේ නිලධාරින් අද මුදල් කාරක සභාව වෙත පැමිණීම වළක්වනු ලැබුවේ ගනුදෙනුවේ තිබෙන දූෂිතභාවය හෙළිදරවු   වීම වළක්වා ගැනීමේ අරමුණින් විය හැකි.

මේ පිළිබඳව අදහස් දක්වන මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා පවසන්නේ නොපැමිණීමට හේතුව ලෙස ඔවුන් දක්වා ඇති කරුණ කිසිසේත්ම පිළිගැනීමට නොහැකි බවයි . මෙම නිලධාරීන් මුදල් කාරක සභාව මගහැරීමට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු කියා සිටියා .

කෙසේ වෙතත් මේ සිදුවීමෙන් ද පැහැදිලිවන එක් කරුණක් නම්  මේ ගනුදෙනුව සම්බන්ධයෙන් ඉහළ දේශපාලන බල අධිකාරිය තිගැස්මට පත්වී ඇති බවයි .

leave a reply