දෙහි මිල ඉහළ නැගීමේ වාසිය ගොවීන්ට නැහැ

නාගරික ප්‍රදේශවල දෙහි මිල අහස උසට නැග තිබියදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දෙහි වගා කළ ගොවීන් තම නිෂ්පාදන සඳහා හොඳ මිලක් නොමැතිකමින් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබේ.

ජාතික පාරිභෝගික සංවිධානයේ අසේල සම්පත් උපුටා දක්වමින් මෙම තොරතුරු වාර්තා කර තිබේ.

එම පුවත් වාර්තාවට අනුව අනුරාධපුර ප්‍රදේශයේ දෙහි තොග ගැනුම් මිල රු. 50.00 කි. නමුත් වර්තමාන වෙළෙඳපොළ මිල රු. 2,000 ක් පමණ වේ. මේ හේතුව නිසා අධික පාඩු වළක්වා ගැනීමට ගොවීන් තම අස්වැන්න නෙලන්නේ නැති බවද පැවසේ. අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදනවලට ද එවැනි ඉරණමකට මුහුණ දීමට සිදුව තිබේ. දැනට වෙළෙඳපොළේ ඉඟුරු මිල රු. 4,000 කි.

අස්වනු නෙලන සමයේ බහුලව ලැබෙන දෙහි සහ අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන අවාරයේ වෙළෙඳපොළ සඳහා සංරක්ෂණය කිරීමට යාන්ත්‍රණයක් සකස් නොකිරීම මෙහිදී හඳුනාගත හැකි ප්‍රධාන ප්‍රශ්නවලින් එකකි.

එසේම අසේල සම්පත් පවසා ඇති පරිදි තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ අඹ තොග ගැනුම් මිල රු. 150කි. කෙසේ වෙතත් නාගරිකව ඒවා අලෙවි කැරෙන්නේ කිලෝවක් 500 ක් 600 ක් වැනි මුදලකටයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...