රවී කරුණානායක පත්තු කළ පහනෙන් අ.වි.ශි.බ.ම එලිය බලනවද? 

ජුනි 04 වැනිදා පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රමාත්‍ය හරිණි අමරසූරිය සිදු කල ප්‍රකාශයක්  මුල් කරගෙන  අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. අග්‍රාමාත්‍ය වරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ “දැනට පවතින පනත අනුව කොතලාවල විශ්වවිද්‍යාලයට සිවිල් සිසුන් ඇතුල් කරගැනීමට හැකියාවක්  නැති බවයි “. එයට අනුව පැහැදිලි වන කරුණ වන්නේ දැනටමත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය තුළ සිදුවන සිවිල් සිසුන්ට උපාධි මුදලට විකිණීම හරහා රජය විසින් වෙන්කරනු ලබන මුදල් ආරක්ෂක අමාත්‍යංශය යටතේ පවතින මෙම විශ්වවිද්‍යාලය මගින් බරපතළ ලෙස අවභාවිතා කර ඇති බවයි. මෙය පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙසට වූ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අ.වි.ශි.බ.ම අද(11) දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට  පැමිණිල්ලක් යොමු කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...