රවී කරුණානායක පත්තු කළ පහනෙන් අ.වි.ශි.බ.ම එලිය බලනවද? 

ජුනි 04 වැනිදා පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රමාත්‍ය හරිණි අමරසූරිය සිදු කල ප්‍රකාශයක්  මුල් කරගෙන  අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. අග්‍රාමාත්‍ය වරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ “දැනට පවතින පනත අනුව කොතලාවල විශ්වවිද්‍යාලයට සිවිල් සිසුන් ඇතුල් කරගැනීමට හැකියාවක්  නැති බවයි “. එයට අනුව පැහැදිලි වන කරුණ වන්නේ දැනටමත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය තුළ සිදුවන සිවිල් සිසුන්ට උපාධි මුදලට විකිණීම හරහා රජය විසින් වෙන්කරනු ලබන මුදල් ආරක්ෂක අමාත්‍යංශය යටතේ පවතින මෙම විශ්වවිද්‍යාලය මගින් බරපතළ ලෙස අවභාවිතා කර ඇති බවයි. මෙය පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙසට වූ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අ.වි.ශි.බ.ම අද(11) දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට  පැමිණිල්ලක් යොමු කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...