කෙහෙළියලා ගෙන්නූ ඖෂධ අල්ලන්නවත් සුදුසු නෑ

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිගා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මනුෂ්‍ය ශරීරයකටවත් ළං කිරීමට සුදුසු තත්වයේ නැති බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂඥ වෛද්‍ය කමිටුව වාර්තා කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මින් ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රමට දැනුම් දී තිබේ.

තමන් සපයා ඇති ඖෂධ පරීක්‍ෂා කිරීමට හැකියාවක් නැති බව ඖෂධ නියාමන අධිකාරිය දැනුම් දී ඇති තත්වයක් තුළ තමන් සෞඛ්‍ය අමාත්‍යංශයට සපයා ඇති ඖෂධ බාල තත්වයේ බව කියන්නේ කෙසේද? යනුවෙන් බාල ඖෂධ ගෙන්වු බව කියමින් රිමාන්ඩ් බාරයට පත් කොට සිටින ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුු වන සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා විවෘත අධිකරණයේදී ප්‍රශ්න කළ අවස්ථාවේදී පැමිණීල්ල වෙනුවෙන් නීතීපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර්වරිය එසේ පවසා ඇත.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් වු පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මේ බව පවසා ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...