IMF ගිවිසුම නීතියක් වෙයිද?

රටේ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් නීති පද්ධතියද නවීකරණය විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැඟීමට ඇති කඩිනම් විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන බව පැවසු ජනාධිපතිවරයා එම ප්‍රතිලාභය ජනතාවට හිමිකර දීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම නීතිගත කිරීමට කටයුතු කරන බවද සඳහන් කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මහනුවර නීතිඥවරුන් සමඟ මහනුවර මහවැලි රීච් හෝටලයේ පැවති සුහද හමුවේදී.

එසේම සෑම ක්ෂේත්‍රයකම නවීකරණයක් වෙනුවෙන් නව නීති පද්ධතියක් ගෙන එන බව පැවසූ ජනාධිපතිවරයා එම කටයුතු සඳහා නීති ක්ෂේත්‍රයේ සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බවද සඳහන් කළා.

මෙහි ඇති බරපතලම කාරණාව වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ආණ්ඩුව එළඹ තිබෙන ගිවිසුම ජනතාව වෙත හෙළි කොට නොතිබීමයි. එසේම දැනට වසරකට ආසන්න කාලයක් ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල දෙස බැලීමේදී පෙනී යන්නේ එම වැඩපිළිවෙල අර්බුදයේ බර බහුතර සාමාන්‍ය ජනතාව පිට පැටවීමක් බවයි. එවැනි දෙයක් නීතියක් බවට පත්වීම හරහා ජනතාවට එම කොන්දේසිවලට එරෙහි වීමට ඇති ඉඩ කඩ ඇහිරී යනු ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...