Breaking News

වැටුප රු 10000ක් වැඩිකරන්න බෑ කිව්ව ආණ්ඩුව ඡන්දෙන් පස්සේ 25000ක් දෙනවලු

ආණ්ඩුව විසින් රජයේ ආයතන සහ බලතල යොදාගනිමින් මැතිවරණය වෙනුවෙන් විවිධ පොරොන්දු ලබාදීම ගැන අවධානය යොමුව තිබේ. මේවනවිට රජයේ විශ්‍රාමිකයින්ට සහ රජයේ සේවකයන්ට වැටුප් වැඩිවීම් ගැන පොරොන්දු ලබාදී තිබේ.

රජයේ විශ්‍රාමිකයින් වෙත අන්තර්කාලීන දීමනාවක් ගෙවීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය නිකුත් කර ඇත.

ඒ අනුව 2024 වසරේ ඔත්තෝම්බර් මස සිට අදාළ දීමනාව හිඟ මුදල්ද සහිතව ගෙවීමට කටයුතු කරන බව වැඩිදුරටත් සඳහන් වේ.

විශ්‍රාමිකයින් සඳහා රුපියල් තුන්දහසක අන්තර්කාලීන මාසික දීමනාවක් ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවිය.

එසේම පසුගිය අඟහරුවාදා(13) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුනේ රජයේ සේවකයන් සඳහා ජිවන වියදම් දීමනාවක් ලෙස රු 25000ක දීමනාවක් ලබාදීමටයි. මෙම දීමනාවට අමතරව 2025 අයවැය තුළින් 24%ක වැටුප් වැඩිවීමක් ලබාදෙන බව තීරණය කර තිබුණි.

මෙම තත්ත්වය සාධාරණ මැතිවරණයකට බාධාවක් බව මැතිවරණ නිරීක්ෂණ ආයතන කිහිපයකම අදහස වී තිබේ.

මැතිවරණයක් ප්‍රකාශයට පත්කිරීමටත් පෙර වෘත්තීය සමිති රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටියදී ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කළේ ඒ සඳහා ප්‍රමාණවත් මුදල් නොමැති බව පවසමිනි.

එසේම රාජ්‍ය සේවයේ ප්‍රමාණය අඩු කළ යුතු බව රජය වරින් වර ප්‍රකාශ කරමින් සිටියි. මෙවැනි තත්ත්වයක් තුළ හදිසියේ රුපියල් 25,000කින් වැටුප වැඩි කිරීමට ගත් තීරණයක් ගැනීමේ අරමුණ රජයේ සේවකයන් රැවටීම බවට මැතිවරණ නිරීක්ෂණ ආයතනවලද අදහස වී තිබේ.

leave a reply