ලංකාවේ මිනිරන් පතල් ගැනත් ඉන්දියාව උනන්දුවෙන්

ශ්‍රී ලංකාවේ මිනිරන් පතල් අත්පත් කර ගැනීම සඳහා ඉන්දියාව, ලංකාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ලිතියම්-අයන සහ අනෙකුත් බැටරි සඳහා ඇනෝඩවලට භාවිතා කිරීම හේතුවෙන් මිනිරන් සඳහා ඉල්ලුම ඉහළ යමින් පවතින බව සඳහන් වේ .

කෙසේවෙතත්, මිනිරන් පතල් සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකා රජයන් අතර සාකච්ඡා තවමත් ඉතා මූලික අධියරයක පවතින බව වාර්තා වේ .

ශ්‍රී ලංකාවෙන් හමුවන මිනිරන් එහි උසස් තත්ත්වය හේතුවෙන් විශාල ප්‍රසිද්ධියක් උසුලන අතර එය ලොව පිරිසිදුම මිනිරන් ලෙස සැලකෙනවා.

පසුගිය වසරේ ඉන්දීය රජය විසින් වැදගත් ඛනිජ වර්ග 30 ක ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබූ අතර මිනිරන්ද ඊට ඇතුළත් වී තිබෙනවා.

ඉන්දීය රාජ්‍ය අංශයේ සමාගම් වන Coal India, NMDC සහ ONGC Videsh Ltd (OVL) වෙනත් රටවල්වල ඇති වටිනා ඛනිජ සම්පත් සෙවීම ආරම්භ කරන බව එරට රජය මෑතකදී පවසා තිබුණි.

OVL යනු රජය සතු තෙල් හා ස්වභාවික ගෑස් සංස්ථාවේ විදේශීය ආයෝජන අංශයයි.

මෙම රාජ්‍ය අංශයේ ව්‍යවසායන් දැනටමත් විදේශයන් වෙත දැනටමත් ව්‍යාප්තව පවතියි.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...