මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් විතරක් මදිලු, රක්ෂණ ආවරණයකුත් ඕනලු !

මන්ත්‍රීවරුන් තම පවුල්වල සාමාජිකයන්ටත් රක්ෂණ ආවරණය ලබාදෙන ලෙස පසුගිය (10) වැනිදා සිකුරාදා පැවැති පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී දැඩිව ඉල්ලීම් කර ඇතැයි වාර්තා වේ.

එහිදී අදහස් දක්වා ඇති බොහෝ මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ තමන් පළාත් සභාවල සිටින කාලයේදී පවා පවුල්වල සාමාජිකයන්ට රක්ෂණ ආවරණය ලබාදුන් බවයි.

එසේ හෙයින් තම පවුල් වල සාමාජිකයන්ට රක්ෂණ වාරිකය නොපමාව ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන්නැයි එම මන්ත්‍රීවරුන් මෙහිදී ඉල්ලා ඈත.

මෙහිදී අදහස් දක්වා ඇති කතානායකවරයා ඇතුළු නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මුදල් ප්‍රතිපාදන හිඟය හේතුවෙන් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම මේ අවස්ථාවේදී දුෂ්කර බවයි.

ඒ අනුව එම කාරණය ඉදිරියේදී යළි සාකච්ඡා කිරීමටද එහිදී තීරණය කර ඇත.

සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයකුට හිමිවන රක්ෂනාවරණයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයකි.

මේ වනවිට මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන ලබාදීමේ යෝජනාවට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී අනුමැතිය හිමිව තිබුණි. මෙම පුවත මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමත් සමඟ බොහෝ පිරිසක් අදහස් දක්වමින් මෙම තීරණය විවේචනය කර තිබුණි. විශේෂයෙන් මෙවැනි අර්බුද අවස්ථාවක එවැනි දේ සඳහා මුදල් යෙදවීම් පිළිබඳ බොහෝ දෙනෙකුගේ විවේචන එල්ල විය.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව කාවන්තිස්සගේ බෙල්ල කපන් ගියා

අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර තියන්න කියා  ආණ්ඩුව කාවන්තිස්සගේ...

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය බිලිගන්න නැගෙනහිර වෙරළ තීරය

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය හරහා සමාගම් අතර බෙදා දෙන්නට...

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...