අනුරගේ පැමිණීම ගැන කියන පොත් ප්‍රකාශකයන්ගේ සංගමය යුධ අවි ගැන නිහඩයි

පසුගියදා පැවති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පැමිණිම සම්බන්ධයෙන් මුහුණූ පොතේ ‍ප්‍රකාශකයෙකු විසින් පළකළ ප්‍රකාශය, පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් හෙළා දැක තිබේ. එහෙත් පොත් ප්‍රකාශකයන් නොවන බොහෝ ජනතාවක් ප්‍රශ්න කර තිබූ පොත් ප්‍රදර්ශනය තුළ යුධ අවි ප්‍රදර්ශනය කිරීම ගැන කිසිදු ප්‍රතිචාරයක් ලේකම්වරයා දක්වා නැත.

එහි ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේ පැවති “ළමා පොත් පිළිබඳ ජාතික ප්‍රතිපත්ති යෝජනාවලියේ කෙටුම්පත්” මහජන ප්‍රතිචාර සඳහා එලිදැක්වීමේ සමුළුවට එක්වු ජනාධිපතිතුමාට ප්‍රදර්ශනය නැරඹීම සඳහා ආරාධනා කළ බවයි.

ඒ අනුව පැමිණි ජනාධිපතිවරයා සැමරුම් පොතෙහි සටහන් තබන අවස්ථාවේදී මාධ්‍යවේදීන් සහ මහජනතාව රොද බදිමින් තෙරපෙමින් සුබ පැතීම නිසා A ශාලාවට මෙන්ම B ශාලාවට සුභ පතන්නන් අතරින් ජනාධිපතිතුමා ඉතා අසීරු තත්වයකින් පැමිණි බව ඔහු විසින් පෙන්වා දී ඇත.

ප්‍රකාශකයින් හෝ පාඨක ජනයාගෙන් විරෝධයක් දැක්වු බවට සාවද්‍ය ලෙස මුහුණුපොතේ පලකර ඇති පෝස්ටුවේ පරිදි පැවසීම සංගමයටත්, ප්‍රකාශකයින්ටත්, පාඨකයින්ටත් කරන ලද නිගරුවක් බව එහි සඳහන් කරයි.

එම නිවේදනයේ සඳහන් වන්නේ අන්තර්ජාලයේ පල කරන ලද අදහස් වත්මන් ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය ඉවසිය නොහැකි පෞද්ගලික හා වෛරී මනෝභාවයක් සහිත පුද්ගලයකුගේ ක්‍රියාවක් බවයි .

පොත් ප්‍රදර්ශනය තුළ යුධ සාහිත්‍ය සඳහා වෙන්වූ කොටසක බර අවි ප්‍රදර්ශනය කිරීම හරහා යුද්ධයේ අමානුෂිකත්වය සහ කෘරත්වය වීරත්වයට නැගීම මෙන්ම ඒ හරහා රටේ එක් ජන කොටසක් බැහැර කිරීමේ අදහස ගැන පොත් ප්‍රකාශකයන්ගේ සංගමයට නොවැදගත් දෙයක් බව පෙනෙන්නට තිබේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...