මට මන්ත්‍රීධූරය හිමිවෙන එක තමයි ජනතාවගේ අපේක්ෂාව – ඥානසාර හිමි

අපේ ජන බල පක්ෂයට ජාතිය වෙනුවෙන් ලැබුණු මන්ත්‍රී ධුරය කොල්ලකෑමට නොදී සියලු දෙනා එක්ව රැක ගත යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (11) පැවසූහ.

මෙම මන්ත්‍රී ධුරය යොදාගෙන ජාතියට මගහැරුණු ජාතික අභිලාෂය ඉටු කිරීමට තමන්වහන්සේ කැපවන බවද උන්වහන්සේ සඳහන් කළහ.

මේ ප්‍රශ්නයේදී කාටවත් ගේම් ගහන්න ඉඩ නොදී කඩිනමින් ගැටලුව විසඳා ගන්නා බවද රාජගිරියේ සද්ධර්මරාජිකා විහාරස්ථානයේදී ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඥානසාර හිමියෝ පැවසූහ.

ඥානසාර හිමියෝ මෙසේද පැවසූහ.

“අපිට ඡන්දය ලබා දීපු ජනතාවට අපි ස්තූතිවන්ත වන ගමන්ම මේ ප්‍රශ්නය අපි වහාම විසඳාගත යුතුයි. අපේ ප්‍රාර්ථනාව සිංහල ආණ්ඩුවක්. දැන් රටට ලස්සන ආණ්ඩුවක් ඇවිත් තිබෙනවා. ඒ නිසා මෙතැන කලබල වෙලා කුලල් කාගන්න අවශ්‍යතාවක් නැහැ.

මහ මැතිවරණයට පසුවදා අපට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලැබුණු බව දැනගෙන මම රතන හිමියන්ට දුරකථනයෙන් කතා කළා. පසුව උන් වහන්සේ සිටින සදහම් සෙවණටත් ගිහින් මේ ගැන සාකච්ඡා කළා. මේ මන්ත්‍රී ධුරය උන්වහන්සේට ලබා ගත්තොත් හොඳයි කියන අදහසක තමයි උන් වහන්සේ හිටියේ. මන්ත්‍රී ධුරය උන්වහන්සේ තියා ගන්නම්, අනෙකුත් වරප්‍රසාද උවමනා නම් ගන්න කියලත් කිව්වා. මන්ත්‍රී ධුරය නෙමෙයි වැදගත් ජනතා අභිලාෂයට වීම තමයි වැදගත් කියලා මම එතනදි කිව්වා.

මගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වුණහම මට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය යෙදෙනවා කියලා තමයි අපේ මැතිවරණ ව්‍යාපාරය ගෙන ගියේ.
ඒ නිසා මේ අවස්ථාව මට ලබාදෙන්න කියලා මම රතන හිමියන්ගෙන් ඉල්ලා සිටියා. ඒක තමයි මිනිස්සුන්ගේ අපේක්ෂාව.
රතන හිමියන්ගෙන් මම ඇහුවා කෝ දැන් ලේකම් හිමියන් කියලා. උන්වහන්සේ කිව්වා මම එන්න කිව්වා උන්වහන්සේ නැහැ කියලා. ඊට පස්සේ මම ඇහුවා ලේකම් හිමියන් ඔබවහන්සේගේ විශ්වාසවන්තයෙක් නෙමෙයිද කියලා. මොකද මම ඔය ලේකම් හිමියන් එක්ක විනාඩි පහක් මූණට මූණ සාකච්ඡා කරලා නැහැ. දැක්කෙත් සදහම් සෙවණේදී. අපිට ඕන වුණේ මේ වැඩපිළිවළ දිනවන්නයි.

ලේකම් හිමියන්ගේ පාර්ශ්වයෙන් දැන් කියනවා මට දෙනවලු, රතන හිමියන්ට දෙනවලු සභාපතිතුමන්ට දෙනවලු. කාලය මරමින් ඉදලා මමත් නොවන රතන හිමියනුත් නොවන ජාතික ලයිස්තුවේ කවුරුත් නොවන කෙනෙකු ජාතික ලයිස්තුවේ දිවුරුම් දෙනවා කියලා දැන් අපිට ආරංචියක් ලැබිලා තියෙනවා.

මේක මෙහෙයවන්නේ ප්‍රංශයේ ඉඳල. මේකෙ ඉන්නවා කිහිප දෙනෙක්. මේවා පිටිපස්සේ ඉන්න මෙහෙයුම්කාරයෝ කවුද කියලා හොයාගන්න එක රටේ ආරක්ෂක අංශවලට බාරයි.

ජාතික ව්‍යාපාරයත් එක්ක සෙල්ලම් කරන්න හොඳ නැහැ. මේක බොක්කෙන්ම කරන්න ඕන. මට මන්ත්‍රීකම් ඕන නැහැ. මොන පීචං වැඩක්ද මේ.”

Share post:

Popular

වෙනත් පුවත්

” ජාවා මුහුදට ඉහළින් සඳ “

" සඳ අපේ යැයි " උන්මන්තක දේශපාලකයෙක් පවසනු ලැබුවේ...

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...