Breaking News

රටින් ඩොලර් පිට කරන ඖෂධ මාෆියාවක් ගැන පුබුදුගෙන් හෙළිදරව්වක්

ලංකාවේ විදේශ විනිමය වංචාකාරී ලෙස රටින් පිට කරන මූලික ක්‍රමය ඖෂධ මාෆියාව බවත් ඇමතිවරු සහ බලධාරීන් පිස්සු නටමින් සිටින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ මහා පරිමාණ ඖෂධ ජාවාරමක් පිළිබඳ හෙළිකරමින් ඔහු මේ බව පැවසීය.

දැනට අත්‍යවශ්‍ය ඖෂධ 70ක පමණ හිඟයක් ඇතුළුව ඖෂධ 300ක පමණ හිඟයක් පවතින බවත් කිසිම ගුණාත්මක බාවයක් නැති ඖෂධ වෙළඳ පොළට මුදාහැර ඇති අතර පාලන මිල ඉවත් කිරීම නිසා දෙතුන් ගුණයකින් ඖෂධ මිල ඉහළ දමා ඇති බවද ඔහු පැවසීය.

මෙම සියලු ක්‍රියාකලාපයන් පිටුපස අමාත්‍යවරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ කූට ව්‍යාපාරිකයන් සිටින බව ද කී පුබුදු ජයගොඩ මෙරටට ඖෂධ සැපයීමට සමාගම් 6 ක් ඉදිරිපත් වී ඉන් එක සමාගමක් ඖෂධයක් සදහා ශත 19 ක අවම ලංසුවක් ඉදිරිපත් කර තිබියදී වෙනත් සමාගමකට ශත 85 කට ඖෂධ ටෙන්ඩරය දීමට සූදානම් වන බව ද සඳහන් කරයි. එම සමාගමේ ලියාපදිංචියද කල් ඉකුත්වී ඇති බව ඔහු පවසයි.

මෙරට සෞඛ්‍ය වෘත්තිකයින් රට හැර යාම හේතුවෙන් රෝහල් පද්ධතිය අකර්මණ්‍ය වී ඇති බව සහ දැනට රෝහල් ගණනාවකම පවතින ශල්‍ය වෛද්‍යවරුන්ගේ හිගය හේතුවෙන් එම රෝහල් ඒකක වසා දමා ඇති බවත් මෙහිදී අනාවරණය කෙරිණි.

https://web.facebook.com/frontlinesocialist/videos/1417872522332652/

leave a reply