රාජ්‍ය වතු සමාගම්වලට දෙන ලාල්කාන්තගේ යෝජනාවට අනුමැතිය

රජය සතු ඌන උපයෝජිත වතු සහ වැවිලි ඉඩම් ලබාගැනීමට කැමති පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ගේ අභිලාශ කැඳවීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ප්‍රාදේශීය වැවිලි සමාගම්, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය යන ආයතන භාරයේ පවතින ඌන උපයෝජිත ඉඩම් හඳුනාගෙන එම ඉඩම් ව්‍යාපාරිකයන් වෙත ලබා දීමට බලාපොරොත්තු වන බව ඊයේ (12) කැබිනට් තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ප්‍රකාශ කර තිබේ.

කැබිනට් තීන්දු දැනුම් දීම සදහා වන මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නේ, අයවැය මගින් මෙලෙස ඉඩම් ලබාදීමට යෝජනා කර ඇති බවයි.

වැවිලි/ කෘෂිකාර්මික කටයුතු, වැවිලි ආශ්‍රිත සංචාරක ප්‍රවර්ධන කටයුතු, පශු සම්පත් සංවර්ධනය, ජල විදුලිබල උත්පාදනය, සූර්ය බලක්ති උත්පාදය, කර්මාන්තශාලා ආශ්‍රිත නිෂ්පාදන කටයුතු, මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සහ වෙනත් වැවිලි ආශ්‍රිත ආර්ථික නවෝත්පාදන කටයුතු වෙනුවෙන් ආයෝජන අවස්ථා ලබාදෙන බවත් දැනට ඉඩම් හඳුනාගෙන ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

එම ඉඩම් ලබාගැනීම සඳහා සුදුසු ආයෝජකයන් සොයාගැනීම පිණිස අභිලාශ කැඳවීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා වන කේ.ඩී. ලාල්කාන්ත මහතා අදාල කැබිනට් යෝජනාව ඉදිරිපත් කර තිබී ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...