වැඩි මිලට වාහන අලෙවි වන රටවල් අතර ලංකාවත්

ලෝක බැංකු දත්ත වාර්තාවලට අනුව ලෝකයේ වාහනයක් මිලදී ගැනීම සඳහා මිල අධිකම වෙළෙඳපොළවල් තිබෙන රටවල් අතර තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවන බව ඇඩ්වොකාටා ආයතනය සිය මුහුණු පොතේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

වාහනවල 2021 වසරේ මිල ගණන්වලට අනුව මෙරට වාහනයක මිල ගෝලීය සාමාන්‍ය මිලට වඩා 1.75 ගුණයකින් ඉහළ බවත් මෙරට වාහන මිල ගණන් දෙවැනි වන්නේ සිංගප්පූරුවට සහ මාලදිවයිනට පමණක් බවත් එම සටහනේ දක්වා ඇත.

එම ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාව ලකුණු 175 ක් ලැබී ඇති අතර මාලදිවයිනට ලකුණු 224.7ක්, සිංගප්පූරුවට ලකුණු 355.8ක් ලැබී තිබුණා.

වාහන ආනයනයට පනවා ඇති ඉහළ බදු ප්‍රතිශත සහ සීමාකාරී ප්‍රතිපත්ති හේතුවෙන් මෙරට වාහන හිමිකාරිත්වයක් ලබා ගැනීම යනු ස්වල්ප දෙනෙකුට දැරිය හැකි සුඛෝපභෝගී දෙයක් බවට පත්වී තිබෙන බවත් එය සංචලතාව, ඵලදායිතාව සහ ආර්ථික අවස්ථා කෙරෙහි වක්‍රාකාරයෙන් බලපෑම් එල්ල කරන බවත් ඇඩ්වොකාටා ආයතනය සඳහන් කර ඇත.

ඇඩ්වොකාටා ආයතනය නොදකින තවත් පැත්තක් වන්නේ වාහන ආනයනික සමාගම් වාහන පිළිබඳ තොරතුරු සඟවමින් විශාල බදු වංචාවක් ද සිදුකරන බවයි. පසුගියදා රේගුව විසින් එවැනි වාහන 2000ක් පමණ වරායවල රඳවාගෙන තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...