රනිල්ට දේශගුණය ගැන උපදෙස් දෙන්න රුවන් පත්කරගනියි

ජනාධිපති රනිල් වික්‍රමසිංහට දේශගුණික විපර්යාස පිළිබදව උපදෙස් ලබාදීම සඳහාද ජනාධිපති උපදේශකවරයෙක් ලෙස රුවන් විජයවර්ධනවපත් කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම තනතුරට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

කාබනික විමෝචනය සහ හරිතාගාර ආචරණය වළක්වා ගැනීම, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම, හරිත ආර්ථිකයක් ගොඩනැගීම වැනි ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘති රැසක් වෙනුවෙන් උපදෙස් හා සහයෝගය ලබාගැනීම රුවන් විජේවර්ධනගෙන් මෙහිදී බලාපොරොත්තු වනවා.

රුවන් විජේවර්ධන රනිල් වික්‍රමසිංහගේ ළඟම ඥාතියෙක්ද වනවා.

රාජපක්ෂවරුන්ගේ ඥාති සංග්‍රහ සම්බන්ධයෙන් සමාජය තුළ බරපතල විවේචන එල්ල වෙමින් තිබේ. ඒ අතර එයට විරුද්ධ පාර්ශවය ලෙස ඇතැම් පිරිස් හඳුනාගෙන සිටි රනිල් වික්‍රමසිංහලාගේ සැබෑ ස්වභාවය එලියට එමින් තිබේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...