රනිල්ට දේශගුණය ගැන උපදෙස් දෙන්න රුවන් පත්කරගනියි

ජනාධිපති රනිල් වික්‍රමසිංහට දේශගුණික විපර්යාස පිළිබදව උපදෙස් ලබාදීම සඳහාද ජනාධිපති උපදේශකවරයෙක් ලෙස රුවන් විජයවර්ධනවපත් කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම තනතුරට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

කාබනික විමෝචනය සහ හරිතාගාර ආචරණය වළක්වා ගැනීම, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම, හරිත ආර්ථිකයක් ගොඩනැගීම වැනි ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘති රැසක් වෙනුවෙන් උපදෙස් හා සහයෝගය ලබාගැනීම රුවන් විජේවර්ධනගෙන් මෙහිදී බලාපොරොත්තු වනවා.

රුවන් විජේවර්ධන රනිල් වික්‍රමසිංහගේ ළඟම ඥාතියෙක්ද වනවා.

රාජපක්ෂවරුන්ගේ ඥාති සංග්‍රහ සම්බන්ධයෙන් සමාජය තුළ බරපතල විවේචන එල්ල වෙමින් තිබේ. ඒ අතර එයට විරුද්ධ පාර්ශවය ලෙස ඇතැම් පිරිස් හඳුනාගෙන සිටි රනිල් වික්‍රමසිංහලාගේ සැබෑ ස්වභාවය එලියට එමින් තිබේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...