කෝප් කමිටුවෙන් ඉවත් වී ඇත්තේ 5ක් පමණයි

පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් මේ වනවිට නිල වශයෙන් ඉල්ලා අස්වී ඇත්තේ සාමාජිකයින් 5 දෙනෙකු පමණක් බව
පාර්ලිමේන්තුව පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඉල්ලා අස්වන බවට අදාළ සාමාජිකයින් 5 දෙනා පමණක් ලිඛිතව දැනුම් දී ඇති බවය.

ඩිලාන් පෙරේරා, දුමින්ද දිසානායක, ඉරාන් වික්‍රමරත්න, එස්. එම්. මරික්කාර් සහ මහාචාර්ය චරිත හේරත් යන මන්ත්‍රීවරුන් පමණක් සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ඇතැයි එම ප්‍රකාශකයා සඳහන් කළේ ය.

මීට අමතරව අනුර දිසානායක, වසන්ත යාපා බණ්ඩාර, ශානක්‍යන් රාසමානික්කම්, දයාසිරි ජයසේකර, ගාමිණි වලේබොඩ හා හේෂා විතානගේ යන මන්ත්‍රීවරුන් ද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වන බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

එහෙත් ඊට අදාළ ලිඛිත දැනුම්දීම මෙතෙක් සිදු කර නැත.

පාර්ලිමේන්තුව පෙන්වා දෙන්නේ, ලිඛිතව ඒ පිළිබඳව දැනුම්දෙන තුරු ඉල්ලා අස්වීම් වලංගු නොවන බවයි.

ඔවුන් එලෙස ඉල්ලා අස්වුයේ කෝප් කමිටුවේ සභාපති ධුරයට පොදුජන පෙරමුණේ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා පත්වීමට විරෝධය පළ කරමිනි.

ඉල්ලා අස්වීම් භාර දුන් එම සාමාජිකයින් වෙනුවට නව සමාජිකයින් පත්කරන්නැයි, විපක්ෂ නායක කාර්යාලයට දැනුම් දී ඇතැයි ද පාර්ලිමේන්තුව පැවසීය.

පාර්ලිමේන්තු ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ, මෙතෙක් ඊට ප්‍රතිචාර ලැබී නොමැති බවයි.

කෝප් කමිටුව සාමාජිකයින් 31 දෙනෙකුගෙන් සමන්විත වේ.

ඒ ආණ්ඩුව නියෝජනය කරමින් 19 දෙනෙකු සහ විපක්ෂයෙන් සාමාජිකයින් 12 දෙනෙකු ලෙසයි.

ඉල්ලා අස්වීම් සමග ආණ්ඩු පක්ෂයේ සාමාජිකයින් ගණන 18ක් වන අතර විපක්ෂ සාමාජිකයින් ගණන 08ක් දක්වා අඩු වී ඇත.

කෙසේ වෙතත්, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව රැස්වීම සඳහා සාමාජිකයින් 5 දෙනෙකු පමණක් සිටීම ප්‍රමාණවත් බව ද පාර්ලිමේන්තුව පෙන්වා දෙයි.

(News 1st) 

Share post:

Popular

වෙනත් පුවත්

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...