අර්ජුන් ඇලෝසියස්ට නැවතත් බදු පැහැර හැරීමේ චෝදනාවක්

රජයට අයවිය යුතු වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් පනත යටතේ මැන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනි රන්දෙව් ජිනේන්ද්‍ර ජෝන්ට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.

දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දිනේෂ් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2019 සහ 2020 වර්ෂ වලට අදාළව රුපියල් 1,035,473,988 ක එනම් කෝටි 103ක් වැට් බදු මුදලක් ගෙවීම වග උත්තරකරුවන් විසින් පැහැර තිබෙන බව සඳහන් කළා.

ඒ අනුව වගඋත්තරකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එම ඉල්ලීම සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය වගඋත්තරකරුවන්ට ලබන ඔක්තෝබර් මස 13 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කළා.

වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් අර්ජුන් ඇල්සියස් ඇතුළු වග උත්තරකරුවන් දෙදෙනාට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවරූ නඩුවකට වරදකරුවන් කෙරුණු අදාල වගඋත්තර කරුවන් දෙදෙනාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙර මාස හය බැගින් සිර දඬුවම් නියම කර තිබුණි.

එයට හේතුව වී තිබුනේ රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5 වැට් බදු නොගෙවා පැහැර හැරීමයි.

ඔක්තෝබර් මස 15වැනි දින මාස 6ක සිරදඬුවම් නියම කර තිබූ නමුත් සිරගත පුද්ගලයන්ගේ දඬුවම් කාලය අඩු කිරීමේ ක්‍රමවේදය අනුව ඔවුන් මාස 4ක් හා දින 7ක් සිරගතව සිටීමෙන් අනතුරුව පසුගිය පෙබරවාරි මාසයේ නිදහස් විය.

අදාළ පුද්ගලයන් දෙදෙනා යහපත් කල් ක්‍රියාවෙන් යුතුව වැලිකඩ බන්ධනාගාරය තුළ සිර දඬුවම් විඳීම සැලකිල්ලට ගෙන ඔවුන්ගේ දඬුවම් කාලය බන්ධනාගාර ක්‍රමවේදයන්ට අනුව එසේ අඩු වූ බවද ඒ අනුව ඔවුන්ට මාස හතරක් හා දින හතක් ඇතුළත එසේ නිදහස ලබා ගැනීමට හැකි වූ බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් ගාමිණී බී. දිසානායක එම අවස්ථාවේ පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...