දකුණු ආසියානු මීටර් 100 වාර්තාව යුපුන්ම පිහිටවලා යුපුන්ම කඩලා දානවා.

ස්ටෝක්හෝම් ඩයමන්ඩ් ලීග් එකේ 04 වෙනි තැනට පත් වුණාට résisprint international එකේ දී Eliminator වටෙන් තප්. 10.11 වාර්තා කරලා, Final එකේදී තප්. 9.96ක් වාර්තා කරනවා. දකුණු ආසියාතිකයෙක් එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ ජාත්‍යන්තර තරගයක් තුළ මීටර් 100ට වාර්තා කරපු හොඳම කාලය.
විශේෂත්වය කියන්නේ මේ මීටර් 100 අවසාන තරගය තියෙන්නේ A, B, C කියලා කාණ්ඩ 03ක් යටතේ. මේ කාණ්ඩ 03න්ම හොඳම කාලය වාර්තා කරලා තියෙන්නෙත් යුපුන්. යුපුන් තරග වැදුනේ A කාණ්ඩයේ අවසන් වටයට. B කාණ්ඩයේ පළවෙනියා තප්. 10.01ක්, C කාණ්ඩයේ පළවෙනියා 10.23ක්. යුපුන්ට අභියෝගයක් වුණේ එයාගේම A කාණ්ඩයේ හිටපු Mena Reynier කියන කියුබානු ක්‍රීඩකයා එයා තප්. 9.99ක්.
දකුණු ආසියානු මීටර් 100 වාර්තාව යුපුන්ම පිහිටවලා යුපුන්ම කඩලා දානවා.

මේවා තමා වාර්තා.. නියම වාර්තා.. ජාත්‍යන්තරය ඉස්සරහ රටේ නම ලියන නියම වාර්තා. මේක දැක්කාම ඇඟේ හිරිගඬු පිපුණා. මොකද මගෙත් ස්කෝල කාලේ ස්පෝට් ඉවෙන්ට් එක මීටර් 100 නිසා.

Sanjay Ranawake

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...