නිදහස් වෙළෙඳ ගිවිසුම් සහ නිදහස

ශ්‍රී ලංකාව තායිලන්තය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කරලා. ජාතික ආර්ථිකය සංවර්ධනය කරන්න අවශ්‍යය යටිතල පහසුකම් නිර්මාණය කරපු පියෙක්ගේ පුතෙක් තායිලන්තයේ අගමැතිවරයා සමඟ ඉරිදා ටයිම්ස් පත්තරේ පලවෙලා ඉන්න පින්තුරේ එච්චර සතුටින් ඉන්නේ මේ නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා ලංකාවට එන බෞද්ධ සංචාරකයෝ නිසා ජාතික ආර්ථිකේ ඉස්සිලා ලංකාව සුඛිත මුදිත වෙන නිසා වෙන්න ඕන. විසා නැතුව තායිලන්තේ යන්නත් පුළුවන්. දත් හදාගන්න ඕන නම් එහෙ එන්න කියලයි මගේ තායිලන්ත මිතුරියක් කිව්වේ. ඒක තවත් ලේසි වෙලා ඔන්න. මෙවන් නිදහසක් නැති නිදහස් රටක් වැඩක්ද!

තායිලන්තය කියන්නේ චීනෙට පස්සේ ඉන්න විශාලතම අපනයන ආර්ථිකයක්. 2022 අපයනයනය කල භාණ්ඩ වල සම්පුර්ණ වටිනාකම ඩොලර් බිලියන 287. ඇමරිකාවට අපනයන කරන ප්‍රධාන රටවල් වල චීනය සහ ජපානය ට පස්සේ ඉන්නේ තායිලන්තය. හවායි ඉන්න කාලේ දැක්ක දෙයක් තමයි කෘෂි නිෂ්පාදන බහුතරයක් එන්නේ තායිලන්තයෙන් සහ වියෙට්නාමයෙන් බව. පොල් කිරි ටින්, සියඹලා, හාල් ප්‍රධාන වශයෙන් ආවේ තායිලන්තයෙන්.
ආසියාවේ අපේ බෞද්ධ සහෝදරිය වන තායිලන්තයෙන් පාඩම් ඉගෙන ගෙන ශ්‍රී ලංකාවටත් ප්‍රමුඛ පෙලේ අපනයන රාජ්‍යයක් වෙන්න ඔන්න අවස්තාව ඇවිල්ලා තියෙනවා. චීනයත් එක්කත් නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති වුනාම සුනාමි වගේ තල්ලුවක් ලැබෙයි.

ආනයන-අපනයන වලදී ඩොලර් බිලියන 40 හොරකම් කළා කියන එකෙන්ම පෙනෙනවානේ නිදහස් වෙළෙඳාම කොච්චර සංවර්ධන අවස්තා ඇති කරනවාද කියන එක. ඉන්දියානු-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ඇතුලේ තිබ්බ අවස්ථා පාවිච්චි කරලා ඉන්දුනීසියාවෙන් ගෙනාපු කරුංකා ඉන්දියාවට අපනයනය කරපු (කරන) රවී කරුණානායක වැනි දක්ෂයෝ ගැනත් අහලා තියෙනවා. දයා ගමගේත් රවීගේ පාරේ ගිහින් ලංකාවේ ගම්මිරිස්, සාදික්කා ගොවියන්ට වැලේ වැල් නැති කළා කියලත් අහලා තියෙනවා. ඒ මතකේ අලුත් කරගන්නත් පුළුවන් තායිලන්තේ එක්ක.
දැනුම අලුත් කරගන්න ලැබෙන එකම මදැයි!

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් නොමැති දරුවන් 

ඇමරිකන් ඊශ්‍රායල්  ගාසා හි ජන සංහාරක යුද්ධයේදී ළමුන් 21,000...

පාසල් වහන ජනපති

දිවයිනේ පාසල් පද්ධතියෙන් සියයට 18කට ආසන්න ප්‍රමාණයක සිසුන් සංඛ්‍යාව...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමෙන් කෝටි ගණනක පාඩුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා...

අලුත් දළදා කරඬුවේ ක්‍ෂුද්‍රමූල්‍ය ණය වින්දිත කාන්තාවන්ගේ ලේ තැවරෙයි

දළදාව තැන්පත් කිරීම උදෙසා කිලෝග්‍රෑම් 86 ක බරින් යුත්...