ඇඳිරි නීතිය ඉවත් කරන්න ජනාධිපතිවරයා තීරණය කර අවසන් – හමුදාපති

තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යාමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම් දී තිබෙන අතර මෙම තත්ත්වයට අනුගතව රටක ලෙස ඉදිරියට යාමට ජනතාවගේ සහය ලබා ඉල්ලා සිටින බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඉල්ලා පවසයි.

මේ අතර අද දිනයෙන් උසස් පෙළ විභායග අවසන් වන අතර කොවිඩ් 19 ආසාදිත දරුවන් 27 දෙනෙකුද සාර්ථකව මෙම විභාගය මුහුණ දුන අතර තවත් දරුවන් 24 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන 32ක් යටතේ විභාගයට පෙනී සිටි බවද ශවේන්ද්‍ර සිල්වා පවසා තිබේ.

රටේ අනාගතය බැහැර ගැනීමට සිටින දරුවන් ජවසම්පන්නව මෙයට මුහුණ දුන් අතර වැඩිහිටි පරම්පරාවට තිබෙන්නේ යම් තරමකින් හෝ කොවිඩ් තත්ත්වය තිබුණත් රටක් ලෙස කටයුතු කිරීම ඉතාම වැදගත් කොට සැලකීම බව හෙතෙම පෙන්වාදෙනවා.

එම නිසා මෙම තත්ත්වය තේරුම් ගෙන රටක් ලෙස ඉදිරියට යාමට තම තමන්ගේ යුතුකම ඉටුකරන ලෙසයි යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

නමුත් ඉදිරි දින 10ක පමණ කාලය තුළ කොවිඩ් 19 රෝගීන් වාර්තා වීම අඩුවෙනු ඇති බවත් තවත් සති හයක් අටක් වැනි කාලයක් තුළ මේ පොකුර සම්පූර්ණයෙන්ම මර්දනය කිරීමට හැකිවෙනු ඇති බවත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පුවත්පතකට අදහස් දක්වමින් පවසා තිබුණි.

එසේනම් සෞඛ්‍ය අංශවල තීරණය කොවිඩ් වසංගත තත්ත්වය මර්දනය කිරීම සඳහා තවත් කාලයක් ගතවන බවයි. ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශවල උපදෙස් නොතකා රට විවෘත කිරීමට උපදෙස් දෙන්නේ තමන්ගේ හිතුමතේට බව පැහැදිලිවේ.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...